මහනුවර සහ අම්පාර ප්‍රදේශවල ඇති වූ කලහකාරී තත්ත්වයට ‍පොලිසිය සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පෙරේදා (20) සිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
‍පොලිසිය නිසි ලෙස ක්‍රියා කළේද යන්න පිළිබඳව ‍පොලිසියට එරෙහිව මෙම පරීක්ෂණය පැවැත්වේ.

විමර්ශන පැවැත්වීමට සහකාර ‍පොලිස් අධිකාරිවරුන් දෙදෙනකුගෙන් යුත් කණ්ඩායම් එම ප්‍රදේශවලට ගොස් තිබේ. මීට අදාළව පුද්ගලයන් රැසකගෙන් කටඋත්තර ලබාගනිමින් සිටින බව එම පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරියකු ‘රිවිර’ ට ඊයේ (21) පැවසීය.

‍පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණය පවත්වයි.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්