නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා බුලත්සිංහල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පෙරේදා (20* සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා රිවිරට පැවසීය.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රතික්ෂේප කළ බවද ආසන සංවිධායක ධුරයක් නොමැතිව අමාත්‍ය ධුරයක් කිරීමට නොහැකි වන්නේ නම් තමන්ගේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නා ලෙසද එම ලිපියේ තමන් ස`දහන් කර සිටි බවද එ් මහතා ප‍්‍රකාශ කළේය.

මෙහිදී නියෝජ්‍ය ආමාත්‍යවරයා මෙසේද පැවසීය,
”මාව බුලත්සිංහල ආසනයට දැම්මේ බලෙන්. මම මතුගම ආසනයේ තමයි වැඩකටයුතු කරගෙන ගියේ. එ්ත් මම කටයුතු කරගෙන ගියා. පහුගිය ගංවතුර කාලයේදී මගේ ජීවිතයත්, මගේ දරුවන්ගේ ජීවිතත් අවාදනමේ දමාගෙන ජනතාවට සේවය කළා. ගංවතුර ආපු වෙලාවේ මුලින්ම මම මගේ පුද්ගලික ධනයෙන් සේවය කළේ.

එ්ත් පළාත් පාලන මැතිවරණයේදී මම කළ කැපවීමට මිනිස්සු දුන්න තෑග්ග වුණේ බුලත්සිංහලයි මදුරාවලයි පරාද කෙරෙව්වා. මට හරිම කනගාටුයි. එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල ආසනය සංවිධායකවරයා හැටියට ජනතාව අපිව ප‍්‍රතික්ෂේප කළා නම් මට තවදුරටත් එ් ආසනයේ කටයුතු කරන්න  සදාචාරත්මකව හැකියාවක් නැහැ. අනිත් කාරණය වෙන්නේ මම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් හැටියට, ආසන සංවිධායකයෙක් හැටියට බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් දාන්න ගිහිල්ලා පැය තුනක් ඉන්න වුණා. පැය හයක් ගිහිල්ලත් සැකකරුව අත්අඩංගුවට අරගෙනත් අතෑරියා. එ් ගැන කතාකරලා දවස් පහක් පාරේ බුදියගෙන ඉ`දලයි එ් සැකකරුව අත්අඩංගුවට ගත්තේ.

එ් ගැන බලධාරීන්ට මම කිව්වා. ඉතින් මට එ් ආසනයේ දේශපාලනය කරන්න ලැජ්ජයි. මම මේ අස්වීම භාර දෙන්න හිටියේ මැතිවරණය පරාජය වුණ දවසෙමයි. එ්ත් එ්ක පහුකළේ අපේ මන්තී‍්‍රවරුන් කීපදෙනෙක් දිනුවා. කීපදෙනකුට ලිස්ට් එකෙන් එන්න අවස්ථාව ලැබුණා. මම නොහිටියා නම් අජිත් පී පෙරේරා දිස්ති‍්‍රක් නායකයා  ඕක අතට අරගෙන එයා කට්ටියගේ කීමට වැඩ කරනවා. එ් නිසයි මම නම් ටික ගැසට් කරන කම් හිටියේ අස්වීම භාර දීමට.” යැයිද සඳහන් කළේය.

නුවන් සේනාරත්න