ග්ලයිෆොසෙට් තහනම් කිරීමේ සටනට එ්කාබද්ධ විපක්ෂය එකතු වන්නේ නම් තමන් වහන්සේද එ් පෙරහරේ යන බව අතුරලියේ රතන හිමියෝ ඊයේ (21* පාර්ලිමේන්තුවේදී පැවසූහ.

එ්කාබද්ධ විපක්ෂය සමග ඇත්තේ ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්නයක් පමණක් යැයිද උන්වහන්සේ ස`දහන් කළහ.
ග්ලයිෆොසෙට් තහනම් නොකළහොත් ආණ්ඩුව පෙරළන බවට අතුරලියේ රතන හිමියන් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර තුෂාර ඉදුනිල් මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් උන් වහන්සේ මෙසේ පැවසූහ.

ගල්යිෆොසෙට් හා වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇතැයි තහවුරු වී නැතැයි එහිදී රාජ්‍ය ඇමැති ඉරාන් වික‍්‍රමරත්න මහතා ස`දහන් කළ අතර රතන හිමියන් පවසන පරිද්දෙන් ආණ්ඩුව පෙරළා දැමිය නොහැකි බවත් පැවසීය.
එහිදී රතන හිමියෝ මෙසේ පැවසූහ.

රජය පෙරළනවාද නැද්ද තීරණය කරන්නේ ජනතාව. විද්‍යාඥයන් 100 කට වඩා පරීක්ෂණ කර ඔප්පුකර තියෙනවා මේ අතර සම්බන්ධයක් තියෙන බව. එක මහාචාර්යවරයකුගේ ප‍්‍රකාශයක් මත පදනම්ව තීන්දු ගන්න බැහැ. හිටපු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සොයා බලන්න කමිටුවක් පත් කළා. වත්මන් ජනාධීපතිතුමාත් කැබිනට් අනුකමිටුවක් පත් කර එය තහනම් කරන බව කිව්වා. රාජිත සේනාරත්න ඇමැතිතුමා කමිටුව සමග සාකච්ඡුා කළාට තින්දුවක් ගත්තේ නැහැ.

රන්මලී සෝමසිරි