අගමැතිවරයාට එරෙහි ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතෛක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා රිවිරට ඊයේ (21) පැවසීය.
මේ පිළිබඳ ඉදිරි දින කීපය තුළ ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා කර යෝජනාවට සහය දෙනවාද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේ ය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නම් එය විධිමත් ලෙස අධ්‍යයනය කළ යුතු බවද සෙනෙවිරත්න මහතා මෙහිදී පැවසීය.

පැතුම් වික්‍රමරත්න