බණ්ඩාරනායක විදුහල් පිල ඉදිරිපෙළ - පසිඳු බණ්ඩාර, මාධව තත්සර, ශහිරු රොෂේන්, හචිත නිමාල්, කණිෂ්ක අමරසිංහ (පුහුණුකරු), සුසන්ත කරුණාරත්න (ක්‍රීඩා භාර ආචාර්ය), ඉරාන් චම්මික ද සිල්වා (විදුහල්පති), කපිල සමරවීර (ක්‍රිකට් භාර ආචාර්ය), ධනුෂ්ක සම්පත් (සහාය පුහුණුකරු) සසිත මදනායක, ජනිඳු ජයවර්ධන, හසිත පතිරගේ පසුපෙළ- රසික ජයවීර, දිනුෂ්ක නිමේෂ්, සමිත් රාජපක්ෂ, ගයාෂාන් හෙට්ටිආරච්චි, දිල්ෂාන් මොල්ලිගොඩ, සඳුන් දේවින්ද, දිලීප සඳරුවන්, ලක්ෂාන් මධූෂ, මදුර දොලවත්ත, ප්‍රභාෂ් අල්විස්, අශේෂ් රන්දිම, දිල්සර ෂිහාන්, ලෙලසර කවිඳු

කොළඹ ලුම්බිණි විදුහල හා ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර 5 වැනි වරට සංවිධානය කරන නීලහරිත මහා ක්‍රිකට් තරගය හෙට (23) හා අනිද්දා (24) පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම දෙවිදුහල් 2013 වසරේදී එක්දින ක්‍රිකට් තරගයකින් නීලහරිත සංග්‍රාමය ආරම්භ කර තිබූ අතර බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක දෙකක පිහිටි පාසල් දෙකක් අතර මෙම මහා ක්‍රිකට් තරගය පැවැත්වීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය.

ඒ අනුව කොළඹ නගරය තුළ පවතින එකම මිශ්‍ර ජාතික පාසල වන ලුම්බිණි විදුහල ගම්පහ ප්‍රදේශයේ පිහිටි ප්‍රධානතම බාලක පාසල වන බණ්ඩාරනායක විදුහල අතර මේ දක්වා දෙදින මහා ක්‍රිකට් තරග 03ක් පවත්වා ඇත.

ඉන් තරග දෙකක ජය ලුම්බිණි විදුහලට හිමිව ඇති අතර ඉතිරි තරගය අවසන් වී ඇත්තේ විසඳුමකින් තොරවය.
ලුම්බිණි විදුහල ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ඇත්තේ 1978-79 තරග වාරයේ සිටය. 1998-99 තරග වාරයේ සිට ඔවුන් මේ දක්වාම අන්තර් පාසල් පළමු කාණ්ඩයේ තරග කිරීමට සමත්ව සිටිති.

මෙම පාසල් තරග වාරයේදී ලුම්බිණි විදුහල තරග 12කට සහභාගි වී ඉන් 03ක පූර්ණ ජයග්‍රහණයන්ද ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ 03ක්ද ලබා ඇත. ඊට ප්‍රථම ඉනිමේ ලද පරාජයන් 02ක් හා පූර්ණ පරාජයන් 04ක්ද ඇතුළත්ය.

ලුම්බිණි විදුහ‍ලේ ලකින්ද උපේන්ද්‍ර මෙවර තරග වාරයේදී ලකුණු 724ක්ද නායක කවීන් කෙමින ලකුණු 703ක් ලබාගෙන ඇත. විමුක්ති කුලතුංග කඩුලු 100ක් දවාගෙන ඇති අතර විනූ හේමාල් ලකුණු 609ක් රැස්කොට කඩුලු 37ක්ද බිඳ දමා තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට සමත්ව සිටියි.

මලින්ද පුෂ්පකුමාර හා වික්‍රම් සංජය ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ලුම්බිණි විදුහල් ක්‍රීඩකයින් ලෙස හැඳින්වෙයි.
ගම්පහ බණ්ඩාරනායක විදුහල පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ඇත්තේ 1961-62 තරග වාරයේදීය. ඔවුන් 2013-14 තරග වාරයේ සිට පළමු කොටසේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙති.

මෙවර තරග 12කට සහභාගි වී ඇති බණ්ඩාරනායක විදුහල තරග 2කදී පූර්ණ ජයග්‍රහණද එක තරගයකදී පළමු ඉනිමේ ජයග්‍රහණද හිමිකරගෙන ඇත.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව ලකුණු 461ක් වාර්තා කරන්නට සමත් වූ බණ්ඩාරනායක විදුහල් පි‍ලේ ජනිඳු ජයවර්ධන මේ තරග වාරයේදී ලකුණු 551ද උප නායක අරොෂ් මධුෂාන් ලකුණු 423ක් හා කඩුලු 34ක් ලබා ඇත. සසිත මදනායකද ලකුණු 445ක් රැස්කරන්නට සමත්ව සිටියි.

නුවන් කුලසේකර ශ්‍රී ලංකා පිලට දායාද කර ඇත්තේ ගම්පහ බණ්ඩාරනායක විදුහල විසිනි.

සීවලී එදිරිවීර

 ලුම්බිණි විදුහල් ක්‍රිකට් පිල  ඉදිරිපෙළ - යොමාල් සංජීව (පුහුණුකරු), ඩී. එම්. එස්. දිසානායක (ක්‍රිකට් භාර ආචාර්ය), කවීන් පීරිස් (නායක), කේ. ජී. විමලසේන (විදුහල්පති), සම්පත් ගුණරත්න (නි. විදුහල්පති), සරත් උපනන්ද (ක්‍රීඩා ‍ලේකම්), විමුක්ති කුලතුංග  (උප නායක) පසුපෙළ- ප්‍රභාත් මධුසංඛ, රවිමල් ප්‍රනාන්දු, යොහාන් දිල්ශාන්, සසික චන්දීර, ඔවින් මනුල, දිල්ෂාන් රණවීර, අවිශ්ක විජේරත්න, සත්සර මධුමාල්, විනූ හේමාල්, ලසිඳු උපේන්ද්‍ර, පසිඳු නඳුන්, රවිඳු සමරවීර, සඳුනිල් සංකල්ප, පූර්ණ සඳරුවන්, අමිත දාබරේ, පසිඳු කාවින්ද, ශෂී ප්‍රියශාන්, කවීන් කරුණාරත්න.
ලුම්බිණි විදුහල් ක්‍රිකට් පිල ඉදිරිපෙළ – යොමාල් සංජීව (පුහුණුකරු), ඩී. එම්. එස්. දිසානායක (ක්‍රිකට් භාර ආචාර්ය), කවීන් පීරිස් (නායක), කේ. ජී. විමලසේන (විදුහල්පති), සම්පත් ගුණරත්න (නි. විදුහල්පති), සරත් උපනන්ද (ක්‍රීඩා ‍ලේකම්), විමුක්ති කුලතුංග (උප නායක) පසුපෙළ- ප්‍රභාත් මධුසංඛ, රවිමල් ප්‍රනාන්දු, යොහාන් දිල්ශාන්, සසික චන්දීර, ඔවින් මනුල, දිල්ෂාන් රණවීර, අවිශ්ක විජේරත්න, සත්සර මධුමාල්, විනූ හේමාල්, ලසිඳු උපේන්ද්‍ර, පසිඳු නඳුන්, රවිඳු සමරවීර, සඳුනිල් සංකල්ප, පූර්ණ සඳරුවන්, අමිත දාබරේ, පසිඳු කාවින්ද, ශෂී ප්‍රියශාන්, කවීන් කරුණාරත්න.