ඕස්ටේ‍්‍රලියානු බිලියනපතියකු වන ජේම්ස් පැකර් සිය කැසිනෝ අධිරාජ්‍යය වූ ක‍්‍රවුන් රිසෝට්ස් ලිමිටඞ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුට මානසික රෝගී ත්තත්වයකින් පීඩාවිඳීම හේතුවෙන් අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වූ බව ඔහුගේ ප‍්‍රකාශකයකු තහවුරු කර තිබේ. ජේම්ස් පැකර් 50 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු යළි අධ්‍යක්ෂවරයකු ලෙස මෙම සමාගමට සම්බන්ධ වූයේ 2015 දී  එහි සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුවයි. සමාගමේ සභාපති ජෝන් ඇලෙක්සැන්ඩර් පවසා ඇත්තේ පැකර්ගේ දායකත්වය හා ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවයි. සමාගමේ නිවේදනයට අනුව ජේම්ස් පැකර් ‘ක‍්‍රවුන් සමාගම හා බැඳී තිබූ සියලූ සබඳතාවලින් ඉවත් වනු ඇත.

පසුගිය මාසය වනවිට ක‍්‍රවුන් රිසෝට්ස් ලිමිටඞ්හි පැකර්ට හිමි කොටස්වල පමණක් වටිනාකම  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 100 ඉක්මවීය. එහි  ඕස්ටේ‍්‍රලියාව හා ලන්ඩනයේ මුළු කොටස්වලින් 47%ක කොටස් පැකර් සතුවේ.
පැකර්ගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සම්බන්ධයෙන් වන ¥ෂණ චෝදනාවක් සඳහා පැකර්ට ද චෝදනා එල්ල වී මාසයකට පසුවයි. ඊශ‍්‍රායල රූපවාහිනී නාළිකාවක් පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා කර තිබුණේ බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳට පැකර් තෑගිබෝගවලින් සංග‍්‍රහ කර ඇති බවයි. ෆෝබ්ස් සඟරාවට අනුව ජේම්ස් පැකර්  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් බිලියන 4ක වත්කමක් හිමි එරට 8 වැනි ධනපතියායි.

සංස්කරණය – ප්‍රබෝධා හෙට්ටිආරච්චි