ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. එ් 2007 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ඔහුට ලිබියාවේ මුල්‍ය සහය ලැබූ බවට එල්ලවන චෝදනා හේතුවෙනි. ප‍්‍රංශයේ දෙවැනි විශාලතම රූපවාහිනී නාළිකාව වන ෆ‍්‍රාන්ස්-3 නාළිකාව විසින් ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පෙර පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡුාවක් 2014 වසරේදී විකාශය කළේ ය. ගඩාෆිගේ මෙම සම්මුඛ සාකච්ඡුාව 2011 වසරේ දී බටහිර ප‍්‍රහාරවලින් ඔහු මියයාමට මාස කිහිපයකට පෙර කරන ලද්දකි. ලිබියානු නායකයා එහිදී පවසා තිබුණේ තමන් නිකොලස් සාර්කෝසිගේ ජනාධිපතිවරණයට මුල්‍ය සහය ලබාදුන් බවයි. ‘ඔහු ජනපතිවරයා කළේ අපියි’ යැයි ගඩාෆි එහිදී පවසා තිබේ. 2012 වසර වනවිට සාර්කෝසිට ලිබියානු අගමැතිවරයා ජනාධිපතිවරණය සඳහා පවුම් මිලියන 50ක් වැය කළ බවට චෝදනා එල්ලවන්නට විය. එම මුදල ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වැය කළ යුතු පවුම් 21  මෙන් දෙගුණයක් බැවින් එය ද වරදක් බව ප‍්‍රංශ වාර්තා පැවැසීය.   පැය 48ක් රඳවා ප‍්‍රශ්න කරන බව එරට පොලීසිය පවසා තිබුණි.