සිය වර්ගයාගේ අවසානය සලකුණු කරමින් මිහිතලය මත විසූ එකම උතුරු සුදු රයිනෝ පිරිමි සත්වයා වූ ‘සූඩන්’ මියගොස් තිබේ. එ් කෙන්යාවේ ඔල් පෙජේටා සංරක්ෂණ වනෝද්‍යානයේ සිටියදීයි. 45 හැවිරිදි සූඩන් නමැති මෙම රයිනෝ වයස්ගතවීමෙන් ඇතිවූ සෞඛ්‍ය පිරිහීමත් කලක් තිස්සේ පැවැති රෝගී තත්ත්වයත් හේතුවෙන්  මියගොස් ඇතැයි එරට වාර්තා සඳහන් කළේය. මැමත්ලාගෙන් පසුව දෙවැනි විශාලතම මෙම විශේෂයේ සත්වයා උතුරු සුදු රයිනෝ ය. පිරිමියකුගේ සමාන්‍ය වයස හා සැසඳුවහොත් සූඩන්ගේ වයස අවුරුදු 90ක් පමණ වන බව සඳහන් ය. සූඩන්ගේ මියයාමෙන් පසුව මිහිතලය මත මෙම උපවිශේෂයට අයත් උතුරු සුදු ගැහැණු රයිනෝ සත්වයන් දෙදෙනකු පමණක් ඉතිරිවී තිබේ. එ් සූඩන්ගේ දියණිය හා මිනිබිරියයි.

සූඩන් හමුවී තිබුණේ 1975 වසරේදීයි. එලෙස හමුවන විට සූඩන්ගේ වයස අවුරුදු 2ක් පමණ විය. ඉන්පසුව චෙච් ජනරජයේ ද්වූර් කාර්ලෝවේ සත්වෝද්‍යානයට ගෙන ආ සූඩන් මුල්‍ය අපහසුතා හේතුවෙන් 2009 වසරේදී කෙන්යාවේ ඔල් පෙජේටා සංරක්ෂණ වනෝද්‍යානය වෙත ගෙනැවිත් තිබේ. සූඩන් සමඟ නජීන් හා ෆාටු ගැහැණු සුදු රයිනෝ දෙදෙනා ද තවත් පිරිමි සතකු ද කෙන්යාවට ගෙනැවිත් ඇත.

1960 වනවිට මෙම දුර්ලභ උතුරු සුදු රයිනෝ සත්වයන් 2000ක් පමණ ජීවත් වී තිබේ. ගැටුම් හා රයිනෝ දඩයම් හේතුවෙන් සීඝ‍්‍ර ලෙස වඳවී යන සුදු රයිනෝ සත්වයන් රංචු සේ ජීවත් කරවීමේ අර්බුදය හේතුවෙන් ඔවුන් තැනින් තැන ජීවත් වී ඇත. මේ සඳහා මුල්‍ය අපහසුතා ද ප‍්‍රධාන බාධකය වූ බව බලධාරීහු පෙන්වා දෙති. 2008 වසරේදී ලෝක වනසත්ව අරමුදල විසින් උතුරු සුදු රයිනෝ සත්වයන් වඳවී යන සත්වයකු ලෙස නම්කළේ ය.

ජෝසෙෆ් තයිඩා 2012 වසරේ සිට සූඩන් සමඟ ජීවත් වන ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් කෙනෙකි. සූඩන් සිටියේ දැඩි ආරක්ෂක රැුකවල් මධ්‍යයේය. සූඩන් බැලීමට පැමිණෙන සංචාරකයන් ගන්නා ඡුායාරූප ඔවුන් ලවා පලකරවා සූඩන් රැුකගැනීමේ සටනේ ඔහු ද නියමුවෙකි. සූඩන් මෙම වනෝද්‍යානයට ගෙනඑනවිට දකුණු රයිනෝ සත්වයන් සමඟ ගැටීමට එතරම් කැමැත්තක් නොදැක්වූ බවත් ඔහුට අවශ්‍ය වූයේ හැමවිටම ගස්වල අතුල්ලා තම ශක්තිමත් අඟ මුවහත් කිරීමටත් මඬේ ලැගීමටත් බව තායිඩා පවසන්නේ කඳුළින් පිරි දෙනෙතිනි. ‘මට අද වගේ මතකයි සූඩන් අෙඟන් මාව පහුරු ගාන්න හදපු හැටි. අන්තිමේදී ඌ මෙහෙට පුරුදු වුණා. එ්ත් එයා ළමයි හදන්න නම් කවදාවත් කැමති වුණේ නෑ’ තායිඩා සිහිපත් කරයි.

2014 දී අනෙක් උතුරු සුදු පිරිමි රයිනෝ මියගොස් ඇති අතර තම වර්ගයා සූඩන්ගෙන් අවසාන වීම වැළැක්වීමට වනජීවී බලධාරීන් හැකි සෑම උත්සහයක්ම ගත්තේ ය. එ් සඳහා ඩොලර් මිලියන 9ක් වැයකළේ ය. එහෙත් සාර්ථක වූයේ නැත. සහකරුවන් සහකාරියන් සෙවීමට සහය වන එක්තරා ඇප් එකක් තුළ සූඩන් වෙනුවෙන් ගිණුමක් ආරම්භ වූයේ සූඩන් ක්ලෝනකරණයට හෝ අරමුදලක් පිහිටුවීමේ අරමුණිනි. එයින් සූඩන්ට නොසිතූ ප‍්‍රසිද්ධියක් ලැබිණි. යම් තරමක මුල්‍ය සහයක් ලැබුණ ද ක්ලෝනකරණය සඳහා එය ප‍්‍රමාණවත් නොවීය. අවසානයේ පශු වෛද්‍යවරුන් සූඩන්ගේ ශුක‍්‍රාණු ලබාගත්තේ ය. වෛද්‍ය ස්ටීව් එන්ග්ලූලූ සූඩන්ගේ පශු වෛද්‍යවරයායි. ‘සූඩන් මියයාම අපිට කම්පනයක්. එහෙත් කෙසේහෝ සූඩන්ගේ දරුවකු කෘත‍්‍රිම ලෙස බෝ කිරීමට අපි අවසන් උත්සහයත් ගන්නවා’.

‘එහෙත් දැන් මතුව ඇති අර්බුදය නම් ඉතිරිවී සිටින ගැහැණු සතුන් දෙදෙනාගෙන්ම ඊට සහයක් නොමැතිවීමටයි. එක් සතෙක් වඳ සත්වයෙක්. අනෙක් සතා පැටවකු බිහිකිරීමට තරම් කායික හැකියාවක් නැති සත්වයෙක්.’ සූඩන්ගේ පශු වෛද්‍යවරයා සඳහන් කරයි. කෙසේ හෝ වේවා සූඩන්ගේ මියයාම උතුරු සුදු රයිනෝ පරම්පරා පිළිබඳ තිබූ අවසාන බලාපොරොත්තුවත් මියගොස් ඇති සේය.

සංස්කරණය – ප්‍රබෝධා හෙට්ටිආරච්චි

raino