කෙසෙල් කියන්නේ අපේ රටේ තියෙන බහුල පලතුරක්. වසරේ ඕනෑම කාලයක මෙය වරදින්නේ නැහැ. මෙය බොහෝ දෙනා ප්‍රියකරන පලතුරක් වනවා මෙන්ම මෙය සිරුරට ඉතා ගුණදායකයි. කෙසෙල් සිරුරට ක්ෂණිකව ශක්තිය ලබාදෙන පලතුරක් හැටියටද සැලකෙනවා. කෙසෙල්වල ස්වභාවයෙන්ම හමුවන සුක්රෝස්, ෆුක්ටෝස් වගේම ග්ලූකෝස් එහි අන්තර්ගතයි. කෙඳි සහිත බැවින් දිරවීමට ද පහසුයි. එබැවින්ම ශක්තියට අමතරව සිරුරට ලැබෙන ප්‍රතිලාභ රැසකි. විවිධ කෙසෙල් වර්ග ලංකාව තුළ තිබේ. තම රුචිය අනුව කෙසෙල් ආහාරයට ගැනීම් අවස්ථාවද අපට තිබේ.

විශේෂයෙන්ම ආතතිය නැති කිරීමට එනම් මනසට සහනයක් ලබා දීමට කෙසෙල් ගෙඩියක් ආහාරයට එක්කර ගැනීමෙන් අවකාශය සැලසේ.

කෙසෙල් යකඩ අධික පලතුරක් බැවින් ‍ලේ හිඟකමට පිළියමකි. කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිෂ්පාදනය ඉහළ නැංවේ. කෙසෙල්වල ඇති ‍පොටෑසියම් ප්‍රමාණය ඉහළ නිසා එය රුධිර පීඩනය මර්ධනයට ද ගුණදායක වේ. මෙහි ඇති ‍පොටෑසියම් නිසා මොළය ඉහළ ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගැනීමට හැකි අතර, ළමුන්ගේ පාඩම් වැඩකටයුතු මනා ලෙස පවත්වාගෙන යෑමට එය මහෝපකාරී වේ.

කෙසෙල් කෙඳිවලින් සපිරි ආහාරයක් බැවින් මලබද්ධයට කෙසෙල් ගෙඩි ඉතා හොඳ පලතුරකි. ඉහළ විටමින් බි ප්‍රමාණයක් ඇති නිසා ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීමේ ගුණාංග මෙම පලතුරේ තිබේ.

ආහාර මාර්ගයේ විවිධාකාර ආසාදනයන්ට හොඳම පලතුර වන්නේ ද ඵකෙසෙල්ය. ආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන තුවාලවලටද කෙසෙල් ගුණදායකය. ශරීරය සිසිල් කරන අතර, තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමටද මෙය කදිම පලතුරකි.