පොලිසිය වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී වරෙන්තුකරු පැනගිය පසු නිවසේ සිටි 16 හැවිරිදි ඔහුගේ පුතා පොලිසිය අත්අඩංගුවට ගත් බව පවසමින් නාකියාදෙණිය ප‍්‍රදේශයේ ගම්වාසිහු පෙරේදා (17) උද්ඝෝෂණයක නිරත වූහ.

වැරැුද්දක් සිදුකළ අධිකරණයේ වරෙන්තුවක් නිසා කට්ටි පැන පැන සිටි වරෙන්තුකරුවෙක් අල්ලා ගන්නට ගාල්ල යක්කලමුල්ල පොලිසිය නිලධාරින් දෙදෙනෙක් ගාල්ල යක්කලමුල්ල නාකියාදෙණිය ගම්මානයට පෙරේද ගොස් ඇත. සැකකරු පොලිසිය එන බව කල්තියාම දැනගෙන පැනගොස් සැඟවී ඇත. මෙහි දී අදාළ යක්කලමුල්ල පොලිස් නිලධාරිහු දෙදෙනා තම රාජකාරිය වැරදි ලෙස යොදා ගනිමින්, අදාළ සැකකරුගේ වයස 16 ක් පමණ වන පුතු වරෙන්තු සැකකාර තාත්තා වෙනුවෙන් අත්අඩංගුවටගෙන තිබිණි.

මෙයට විරෝධය දක්වමින් ගාල්ල උඩුගම පාරේ නාකියාදෙණිය අසල පාර වසා ජනතාව උද්ඝෝෂණයක නිරත වූහ.
පසුව අත්අඩංගුවට ගත් වයස 16 සැකකාර වරෙන්තුකරුගේ පුත‍්‍රයා නිදහස් කර ගමට එවීමෙන් පසුව, උද්ඝෝෂකයෝ උද්ඝෝෂණය අතහැර විසිර ගියහ.

සුනෙත් ගාල්ලගේ – ගාල්ල