නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දියාව බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය. අවසන් ඕවරයේයේදී ජයග්‍රහණය සදහා ඉන්දියාවට ලකුණු 12 ක් ලබාගැනීමට තිබූ අතර පන්දු 5 ක් තුළ කඩුල්ලක් අහිමිකර ගනිමින් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 7 කි. අවසන් පන්දුවට මුහුණදුන් ඩිනේෂ් කාර්තික්ට ජයග්‍රහණය සදහා ලකුණු 5 ක් ලබාගැනීමට තිබූ අතර හයේ පහරකින් ජයග්‍රහණය සැමරීමට ඔහුට හැකිවිය.ස වොශින්ටන් සුන්දර් තරගවලියෙ වීරයා ලෙස සම්මානය ගන්නා ලදි කර්තික්ගෙ ප්‍රහාරත්මක පිතිකරනය නිසා තරගයෙ වීරය සම්මානය ද හිමිවිය. ඉන්දියාවෙන් ගිලිහී යමින් තිබූ තරගයේ ජය නැවතත් තම කණ්ඩායමට දෙසට හැරවීමට සමත්වූ ඩිනේෂ් කාර්තික් පන්දු 8 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 29 ක් රැස්කිරීමට සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව කඩුලු 6 ක් දැවී අවසන් පන්දුවේදී තරගයේ ජය තහවුරු ර පිට පහර දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් උදුරා ගත්තේය.

මුස්ටෆිසුර් රහමාන් විසින් යවන ලද 18 වැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්කරමින් තරගයේ ජය බංග්ලාදේශය දෙසට හැරවීමට ඔහු සමත් වුවද අවසන් මොහොතේ බලාපොරොත්තු ගිලිහී ගියේය. පළමු පන්දු 4 ට මුහුණදුන් විජේ ශංකර්ට ලකුණු ලබාගැනීමට නොහැකිවූ අතර පස්වැනි පන්දුව පා ලකුණක් ලෙස සටහන් විය. සබීර් රහමාන් අතට උඩපන්දුවක් දෙමින් අවසන් පන්දුවේදී ලකුණු 28 ක් රැස්කර සිටි මනීෂ් පාන්ඬේ දැවී ගියේය.

බංග්ලාදේශ කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකවූ සබීර් රහමාන් සිවුවැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 37 කදී රැස්කළ අතර ජයදේව් උනද්කට්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 77 කට දැවී ගියේය. පන්දු 50 කට මුහුණදුන් සබීර් රහමාන්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

බංග්ලාදේශ පිතිකරුවන්ට පළමු ඕවර 10 තුළදී කඩුලු 3 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 68 ක් වුවද අවසන් ඕවර 10 තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 98 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.ඉන්දීය පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබාගත්තද ලකුණු 32 ක් තුළ කඩුලු 2 ක් බිඳ වැටීම හේතුවෙන් මදක් පසුබැස්සද කණ්ඩායම ඉදිරියට රැගෙන යාමට නායක රෝහිත් ශර්මාට හැකිවිය. සිය 14 වැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 35 කදී රැස්කළ රෝහිත් ශර්මා දැවීයන විට පන්දු 42 කදී ලකුණු 56 ක් රැස්කිරීමට සමත්විය. හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 කින් ශර්මාගේ ඉනිම අලංකාර විය.සබීර් රහමාන්ගේ (77) පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තේය.

කෙසේ වුවත් අසල්වාසි ඉන්දියාව බන්ගලියන් පරදවා නිදහස් කුසලනය ලබද්දි ශ්‍රි ල0කා ප්‍රේක්ශකයින් ඉන්දියාවට සහාය දීමට කටයුතු කිරීම පෙනුනි.

ධම්මික රත්නවීර

nidahas-thropi