අමෙරිකාවේ ෆ්ලොරිඩාහි මියාමි නගරයේ අලූතින් සෑදු පාලමක් කඩා වැටීමට දින 2කට පෙර එහි ප‍්‍රධාන ඉංජිනේරුවා අනතුරු අඟවා ඇතැයි හෙළිවී තිබේ. අනතුරින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් තිබිණි. මංතීරු 8කින් යුක්ත මාර්ගයක් හරහා මෙම පාලම ඉදිකර ඇත්තේ පැය 6ක් වැනි කෙටි කාලයකිනි. එ් වෙනත් ස්ථානයක පෙර සකසන ලද පාලමක් මෙම ස්ථානට ට‍්‍රක් රථ මගින් ගෙනැවිත් සවිකිරීමේ ක‍්‍රමවේදය යටතේයි. මීටර් 53ක දිගකින් යුත් මෙම පාලම වානේ සහ කොන්ක‍්‍රීට්වලින් තනා තිබූ අතර එහි පෙර සකස් කළ කොටසේ බර ටොන් 862ක් පමණ වී තිබේ. මෙම පාලම සවිකිරීම පසුගිය සතියේ සෙනසුරාදා සිදුකර ඇති අතර එය කඩාවැටී ඇත්තේ පසුගිය බ‍්‍රහස්පතින්දායි. පාලම කඩාවැටීමට පැය කිහිපයකට පෙර එ් පිළිබඳ සාකච්ඡුාවක් පවත්වා ඇති අතර එහිදී පාලමේ පැල්මක් සම්බන්ධයෙන් ද සාකච්ඡුා වී ඇතත් බලධාරීන් එහිදී පවසා ඇත්තේ එය පාලමේ ආරක්ෂාවට ගැටලූවක් නොවනු ඇති බවයි.

එහෙත් ව්‍යාපෘතියේ ප‍්‍රධාන ඉංජිනේරුවරයා වොයිස් මේල් පණිවුඩයක් කොන්ත‍්‍රාත්කරු, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා, ප‍්‍රවාහන දෙපාර්තමේන්තු ප‍්‍රධානී ඇතුළු කිහිපදෙනකුට කිහිපදෙනකුට යවා තිබේ. එ් පාලම කඩාවැටීමට දින 2කට පෙරයි. එහි සඳහන්ව ඇත්තේ පාලමෙහි පවතින සුළු පැල්ම පාලමෙහි ආරක්ෂාවට මුළුමනින්ම අවදානම් බවයි. එම පණිවුඩය කිසිවකු පරීක්ෂා කර නොමැත. පාලම කඩාවැටීමෙන් අනතුරුව පණිවුඩය ඇසූ බලධාරීන් බෙහෙවින් කම්පනයට පත්ව ඇත. ඉංජිනේරුවරයා සිය පණිවුඩය මගින් වහාම අලූත්වැඩියාවක් අවශ්‍ය බවත් වඩාත් යෝග්‍ය වන්නේ පදිකයන්ට ගමන් ගැනීම වහා අත්හිටුවා වෙනත් පාලමක් සකසා සවිකිරීම බවත් පවසා ඇත.

ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පාලම කඩාවැටීමට හේතුව එම පැල්ම නොවන බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් අරඹා ඇත. මෙවැනි පෙර සකසා සවිකරන ලද පාලම් කිහිපයක් ස්ථාන කිහිපයක දැනටමත් භාවිත කෙරෙමින් පවතී.