සිරියානු කුර්දි සටන්කාමීන්ගේ පාලන ප‍්‍රදේශයක් වූ සිරියාවේ අෆ්රින් නගරය ඊයේ පෙරවරුවේ මුළුමනින්ම යටත් කරගත් බව තුර්කිය පවසයි.

තුර්කි හමුදා විසින් මාස 2ක් පමණ කාලයක සිට මෙම ප‍්‍රදේශය අත්පත් කරගැනීමේ මෙහෙයුම් සිදුකළේ ය. දහස් ගණනක් සිවිල් වැසියන් ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිවිල් වැසියන් 280 දෙනකු පමණ මියගොස් ඇතැයි එරට වාර්තා සඳහන් කළේ ය. කුර්දි කැරලිකරුවන් දශක 3ක පමණ කාලයක සිට ගිනිකොණදිග තුර්කියේ ප‍්‍රදේශ තුළ ස්වයංපාලනයක් ඇතිකරගැනීම සඳහා සටන් කළේ ය. කුර්දි කැරලිකරුවන් තවදුරටත් එම ප‍්‍රදේශවලය තහනම් සංවිධානයක් කිරීමට හැකිවීම පිළිබඳ තුර්කිය කුරදි ජනතා ආරක්ෂක එ්කකයට ප‍්‍රශංසා කර තිබේ.