ලෝක උරුමයක් ලෙස සැළකෙන ඉැරැුණි ස්මාරක 900ක් පමණ පිහිටා තිබෙන පැසිෆික් සාගරයේ පිහිටි ඊස්ටර් දිවයින නුදුරු අනාගතයේ දී අතුරුදන්වීමේ ඉඩක් ඇතැයි යුනෙස්කෝ සංවිධානය අනතුරු අඟවා තිබේ.

එ් සීඝ‍්‍රයෙන් ඉහළ යන මුහුදු ජල මට්ටම හේතුවෙන් දිවයින මුළුමනින්ම මුහුදු පත්ලේ සැඟව යාමට ඉඩ ඇති නිසා බව එම සංවිධානය පෙන්වා දෙයි. එම දිවයිනේ වෙරළ ඛාදනය බහුල ලෙස සිදුවෙමින් ඇති නිසා මෙම අවදානම මතුවී තිබේ. මෝයිවරුන් ලෙස හැඳින්වෙනගලින් සාදන ලද අතිවිශාල හිස් එම දිවයිනෙමි පිහිටා තිබේ. එ්වා 13 හෝ 16 වැනි සියවසට අයත් බව සැළකේ. එම විශාල හිස් උරහිහෙන් ඉහළ අත් රහිතව සකසා ඇති අතර එ්වායෙහි යට කොටස අතිවිශාල ගැඹුරක් සහිතව පොළොවෙහි වළ දමා ඇත. ලොව පුරා සාගරයේ ජල මට්ටම 2100 වසර වනවිට පවතින මට්ටමට වඩා මීටර් 2ක් පමණ ඉහළින් පවතිනු ඇති බව ද යුනෙස්කෝ වාර්තා සඳහන් කරයි. ඊස්ටර් දිවයින පොලිනීසියානු දිවයිනට නුදුරින් පිහිටි ගිනිකඳු සහිත දිවයිනකි.

සංස්කරණය – ප්‍රබෝධා හෙට්ටිආරච්චි

Untitled-6