ලෝකය තුළ අර්බුද මැද අර්බුද මවමින් රුසියාව සිය තීරණාත්මකම දේශපාලන තීන්දුව ජනතාවගෙන් ලබාගැනීමේ ජනපති සටන ඊයේ (18* ආරම්භ කළේ ය. වත්මන් ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඇතුළු අපේක්ෂකයෝ 8 දෙනෙක් ජනපති සටනට තරඟ වදිති. ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ ජයග‍්‍රාහකයා පිළිබඳ කිසිදු විවාදයක් නොමැති බවයි. නමුත් මෑත කාලීනව මතුවූ බි‍්‍රතාන්‍යය, අමෙරිකාව ආදී බලවත් රටවල දේශපාලන, රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රහාර හමුවේ ජනපති සටන නොසිතූ දෙසකට යොමුවේවිද යන්න ඇතැම්හු ප‍්‍රශ්න කරති. එ් හේතුවෙන් මෙවර ජනාධිපතිවරණය වෙනදාට වඩා තීරණාත්මක වනු ඇති බව පැවසේ.

මිලියන 109 ක රුසියානුවන් ඡුන්ද මධ්‍යස්ථාන 97,000ක ඡුන්දය භාවිත කරයි. අතිරේක මිලියන 1.8ක ජනතාව සෙසු රටවල වෙසෙන  බැවින් ඔවුන් වෙනුවෙන් රුසියානුවන් බහුලව වෙසෙන රටවල පිහිටුවූ ජාත්‍යන්තර ඡුන්ද මධ්‍යස්ථාන 400ක දී ඡුන්දය භාවිත කරනු ලබයි. රුසියාවේ එ් එ් ප‍්‍රදේශවල ජනතාවට ඡුන්දය භාවිත කිරීමට සිදුවන්නේ කාල පරාස 11කදී වීම විශේෂත්වයකි.

පැය 22ක කාලයක් පුරා ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ලබාදී තිබේ. මුලික වටයේ පළමු ඡුන්ද ප‍්‍රතිඵලය අද දිනයේදී නිකුත් කරනු ඇති බවට ද එරට වාර්තා පැවැසීය.

මෙවර ජනපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂක ජනපති ව්ලැද්මීර් පුටින්ට අමතරව එරට කොමියුනිස්ට් පක්ෂයේ පාවෙල් ගෘජීනියන්, සීනියා සබ්චෙක්, ව්ලැදීමිර් සෙහිනොව්ස්කි, සෝර්ජි බබෙරීන්, මැක්සියම් සිරීකීන්, බරීස් තිතෝව්, ග‍්‍රිගරි යිව්ලින්ස්කි තරඟ කරන ලබයි.

මෙවර අපේක්ෂකයන් අතුරින් වඩාත් ළාබාළතම අපේක්ෂකයා සහ එකම කාන්තාව ද වන්නේ 36 හැවිරිදි සීනියා සබ්චෙක් ය. ඇය රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වන අතර සමාජ කි‍්‍රයාකාරිනියක ලෙසින් දේශපාලනයට පිවිසියා ය. ඇය ඉහළ පෙළේ දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන්නියකි. ඇයගේ පියා පුටින් පාලන කාලයේම සෙන්ට් පීටර්ස්බර්ග්හි ප‍්‍රධානියා ය. 39 හැවිරිදි මැක්සියම් සිරීකීන් වාමාංශික කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයෙකි.

ධනපතිවාදයට එරෙහි ස්ටාලින්ගේ ක‍්‍රමවේදය වැනි පාලනයක් ගෙනඑ්ම ඔහුගේ දැක්මයි.  තවත් අපේක්ෂකයකු වන 71 හැවිරිදි ව්ලැදීමිර් සෙහිනොව්ස්කි ඔහුගේ දේශපාලනයේ නිරත කාලය තුළ හැඳින්වූයේ ‘රුසියානු දේශපාලනයේ සර්කස්කාරයා’ ලෙසයි. ඊට හේතුවි ඇත්තේ ඔහු දේශපාලනය තුළ ජනතාව ඉදිරියේ තමා පිළිබඳ බොහෝ සේ මවාපෑම් කරන අයකු බැවින් බව සඳහන් ය. ඔහු 1991 වසරේද ජනාධිපතිවරණයට තරග කළ අයෙකි.  65 හැවිරිදි ග‍්‍රිගරි යිව්ලින්ස්කි ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු සමාජ නිදහස් පක්ෂයේ නායකයා ද වේ. 59 හැවිරිදි සෝර්ජි බබෙරීන් නීති මහාචාර්යවරයෙකි. 58 හැවිරිදි බරීස් තිතෝව් ව්‍යාපාරිකයකු මෙන්ම ව්‍යවසායකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජනාධිපති කොමසාරිස්වරයායි. නිදහස් ආර්ථිකය හා මධ්‍යම පාන්තික ආරක්ෂණවාදය පිළිබඳ රුසියාව තුළ ප‍්‍රවර්ධනයට කැපවී කටයුතු කළ අයෙක් බවට ඔහු ප‍්‍රකට ය.  ජනාධිපති අපේක්ෂක 58 හැවිරිදි පාවෙල් ගෘජීනියන්, ලෙනින් ගොවිපලෙහි ගොවියෙක් සහ වැඩබලන්නෙක් ලෙස සේවය කර ඇත්තෙකු බව කියැවේ. ඔහු අද රුසියාවේ විශාලතම ස්ට්‍රෝබෙරි නිෂ්පාදන කම්හල් හිමිකරු ය. ඔහුගේ සාමාන්‍ය වත්කම රූබල් මිලියන 157.4ක් බව පැවසේ.

ජනාධිපතිවරණයට අයැදුම් කළ 29 දෙනකු අපේක්ෂකයන්ගේ ලැයිස්තුවෙන් ප‍්‍රතික්ෂේප වී තිබුණි. කි‍්‍රමිලිනයේ විචාරකයකු වූ ඇලෙක්සි නවාල්නි ද එ් අතර විය.

ස්වාධීන අපේක්ෂකයකු වන ව්ලැද්මීර් පුටින් මෙවර ජනපතිවරණය ජයග‍්‍රහණය කළහොත් එය ඔහුගේ සිව්වැනි ජනාධිපති ධුර කාලය වනු ඇත. 65 හැවිරිදි පුටින් මෙවර ජයගතහොත් ඔහු 2024 දක්වා තවදුරටත් රුසියානු ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇත.

මේ අතර රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව රසියා ටුඩේ පුවත් සේවය වාර්තා කර තිබිණි.