ගල්කිස්ස ශාන්ත තෝමස් පිල අඛණ්ඩව පස්වැනි වතාවටත් ඔස්ටැනික් කුසලානය ලබාගනිමින් ප්‍රතිවාදී රාජකීය පිල ලකුනු 131 කින් පහසුවෙන් පරාජය කරමින් එස්.එස්.සී. පිටියේදී 43 වැනි එක්දින තරගයේ උසස් දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් විය.

ශාන්ත තෝමස් පිල ඕවර 50 තුල කඩුලු 9ට ලකුණු 216ක් ලැබූ අතර ක්‍රිෂාන් මුණසිංහගේ දක්ෂ පන්දු යැවීම ඉදිරියේ බිඳ වැටුණු රාජකීය පිල ඕවර 34.4ක් තුල ලකුණු 85කට සීමා ඵය.

ශාන්ත තෝමස් පිල වෙනුවෙන් දුලිත් ගුණරත්න හා නලින් ද මෙල් හොඳ ආරම්භයක් ලබාගනිමින් ප්‍රථම ඕවර දහය තුළ ලකුණු 71ක් ලැබූ අතර ගුණරත්න ලකුණු 30ක්ද ද මෙල් ලකුණු 22ක්ද ලැබිමට සමත් වූහ. අංක 9 ක්‍රීඩක කලණ පෙරේරා වැඩිම ලකුණුලාභියා වූයේ ලකුනු 77ක් ලබමිනි. කෙසේ වුවත් දුවද්දි දැවී යාම් 4ක් සිදුවීම ශාන්ත තෝමස් පිලට ලොකු බලපෑමක් විය.

ලකුණු 217ක ඉලක්කයක් හඹාගිය රාජකීය පිලට කවිදු රණසිංහ ලකුනු 23ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසුකිරීමට අ‍පොහොසත් විය. ක්‍රිෂාන් මුණසිංහ තම ඕවර දහය තුළ ලැබූ ලකුණු 32ට කඩුලු 5ක් ලැබ රාජකීය පිලට අභියෝග කළේ ඉනිම 35ට සීමා කරමිනි.  ක්‍රිෂාන් මුණසිංහ දක්ෂතම පන්දු යවන්නා සහ තරගයේ වීරයා සම්මාන ද්විත්වය ලැබූ අතර දක්ෂතම පිතිකරු ලෙස කලණ පෙරේරා නම් විය.

ධම්මික රත්නවීර

Untitled-4