ලොව තුළ ජීවත් වූ කීර්තිමත්ම භොතික විද්‍යාඥයා ලෙස හැදින්වූ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය.

ස්ටීවන් මහතා අවුරැදු 30ක් එංගලන්තයේ කෙමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලුකේසියානු මහාචාර්ය ධූරය දරා ඇත. අයිසෙක් නිවුටන්ට පසුව එම ධූරය දැරෑ එකම පුදුගලයා වන්නේද ඔහුයි. බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ මෙතුමා ඇල්බර්ටි අයින්ස්ටයින්ට පසුව ලොව බිහිවූ බුද්ධිමත්ම පුද්ගලයා බවයි.

​මෙතුමා උත්සහ කරන්නේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් ක්වොන්ටම් වාදයත් එකට ගැලපීමටයි. දැනටමත් ඒ සඳහා උදවු වන සොයා ගැනීමක් ඔහු විසින් කර ඇත. අලෝකය නිකුත් නොවන අභ්‍යවකාශයේ පවත්න කළු කුහර වලින්ද කිරණ නිකුත් වන බව එම සොයා ගැනීමයි.

එපමනක්ද නොව හොකින් යනු ප්‍රකට විද්‍යා ලේඛකයෙකි. ඔහු 1988 ලියන ලද A breif history of time කෘතිය අදටත් ලොව වැඩිපුරම අලෙවි වන පොතකි . දැනට එහි පිටපත් අනූ ලක්ෂයක් විකිනී ඇති බවයි අන්තර්ජාලයේ සඳහන්වෙයි.