ෆේස්බුක් සමාගමේ විශේෂිත නියෝජිතයන් පිරිසක් අද (14) රාත්‍රියේදී මෙරටට පැමිණීමට නියමිත බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා රිවිරට ඊයේ (13) පැවසීය.
ඒ අනුව මෙම නියෝජිත පිරිස විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු රජයේ නිලධාරින් හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ෆේස්බුක් තහනම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

නුවන් සේනාරත්න