සිය සමාජ ජාලය උපයෝගී කර ගනිමින් වෛරී ප්‍රකාශ ප්‍රචාරය කරන පුද්ගලයන් හඳුනා ගැනීමේ හා එවැනි ගිණුම් ඉවත් කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග සාකච්ඡා පවත්වන බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රජය විසින් තාවකාලිකව සමාජජාල සඳහා පනවා ඇති තහනම පිළිබඳ CNBC ලෝක වෙළෙඳ වබේ අඩවියේ “තාක්ෂණික වාර්තාකරුවකු” (Technology Reportr) ) වන ජෝන් ෂිනල් විසින් විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරන ලද විමසීමකට පිළිතුරු ලබා දෙමින් ෆේස්බුක් සමාගම මේ බව සඳහන් කර ඇත.

“වෛරී හා ද්වේශ සහගත ප්‍රකාශ සහ ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අප සමාගමට පැහැදිලි  නීති රීති ඇත. ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳ  අපි ප්‍රතිචාර දක්වමින් සිටිමු. එසේම එවැනි අන්තර්ගතයන් හඳුනා ගැනීම සහ ඉවත් කිරීම සඳහා වන ප්‍රයත්නයන් වෙනුවෙන් අප ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධ වෙමින් සිටිමු.”  යනුවෙන් ෆේස්බුක් සමාගම සිය ප්‍රතිචාරයේ සටහන් කර තිබේ.

අදාළ ප්‍රශ්නය යොමු කළ ජෝන් ෆිනෙල්, ෆේස්බුක් සමාගමින් විමසා තිබුණේ, වෛරී ප්‍රකාශ සහ ව්‍යාජ ප්‍රවෘත්ති වාරණය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයට පවා නොහැකිව තිබියදී ශ්‍රී ලංකා රජය එය සිදු කළේ කෙසේදැයි යනුවෙනි.

නයන තරංග ගමගේ