පැ‍පොල රෝගය පැතිර යාමේ අවදානමක් මතුවීම මත ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට සරසවියේ පරිපාලනාධිකාරිය ඊයේ (13) පියවර ගත්තේ ය.

දින දෙකක් තුළ සිසුසිසුවියන් 35 දෙනකුට රෝගය වැලඳීමත්, තත්ත්වය පාලනය කර ගැනීමේ විකල්පයක් ලෙසත් සරසවියේ සියලුම පීඨ දින නියමයකින් තොරව වසා දැමීමට පියවර ගත් බව විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා රිවිර කළ විමසුමකදී සඳහන් කළේ ය.

සරසවිය තුළ පිහිටි සිසු නේවාසිකාගාරවල සිසුසිසුවියන් 27 දෙනකුත්, සරසවියෙන් බැහැර නේවාසිකාගාරවල 08 දෙනකුත් වශයෙන් 35 දෙනකුට පැ‍පොල රෝගය වැලඳී ඇති බවද හෙතෙම කීය.

එෆ්. අස්ලම්/ කරුණාරත්න පල්‍ලේගම – බණ්ඩාරවෙල