මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල සහ ශාන්ත මේරි මහා විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන “පස්දුන් කෝරලයේ හටන” මෙවර 55 වන වරට මාර්තු මස 16 සහ 17 දෙදින මතුගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට කටයුතු යොදා ඇත.

වසර පනස් පහක ක්‍රිකට් ඉතිහාසය සමරන “කෝර‍ලේ හටන” සහෝදරත්වයේ ක්‍රිකට් තරගය සඳහා මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල සත්කාරකත්වය දරයි. තරග රැසක ජයග්‍රහණ ලබා ඇති කණ්ඩායමක් මෙවර ඉදිරිපත් කරන බව ආනන්ද විද්‍යාලය කියයි. 55 වසරක ක්‍රිකට් ඉතිහාසය තුළ ආනන්ද ශාස්ත්‍රාලය 1974 සහ 1976 වසරවල ලද ජයග්‍රහණ දෙකින් පසුව ජය වර්තා කිරීමට මතෛක් සමත්ව නැත.

පනස් පස් වතාවක් දෙවිදුහල්හි සහෝදරත්වයේ තරගයෙන් තරග වාර 12 ක ජය හිමිකර ගත් ශාන්ත මේරි කණ්ඩායම අවසන් ජය වාර්තාකර ඇත්තේ 2010 වර්ෂයේ දීය. එතෙක් මතෛක් පැවති සෙසු සියලු තරග ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව ඇත. මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාස‍ලේ ක්‍රිකට් භාර අචාර්යවරුන් වන පාලිත දිසානායක, රංජිත් සමරසිංහ මහත්වරුන් සමග ක්‍රිකට් පුහුණුකරු සේනක මල්ලවාරච්චි මහත්වරුන්ගේ උපදෙස් හා පුහුණුව යටතේ පසිදු මදුවන්තගේ නායකත්වයෙන් තරග බිමට පිවිසේ.

මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්ය සංජීව රණසිංහ මහතා සහ කේ. රණසිංහ මහතාගේ පුහුණුවෙන් නාමල් මදුසංකගේ නායකත්වයෙන් හා උපනායක නවින් දේවින්දගේ මෙහෙයවීමෙන්් මහා තරගයට පිවිසේ.

වයි. ආරියතිලක – බදුරලිය

Untitled-9