‘අවුෂ්විට්ස් කඳවුරේ පොත්තබන්නා’ ලෙස හැඳින්වූ හිටපු නාසි විශේෂ ආරක්ෂක භට කණ්ඩායම් සාමාජික ඔස්කාර් ගෘනින්ග් මියගොස් තිබේ. එ් ඔහු රෝගී තත්ත්වයෙන් ප‍්‍රතිකාර ලබමින් සිටි ජර්මනියේ රෝහලේදීයි. 96 හැවිරිදි ඔහු මෙලෙස මියගොස් තිබුණේ සිව් වසරක සිර දඬුවමක් ලබා සිටියදී ය. සිර දඬුවම නියම වී තිබුණේ 2015 දී වුවත් ඔහුගේ අභියාචනා හා රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත වී සිටීම නිසා ඔහුට මියයනතෙක් සිර දඬුවම ගෙවීම සඳහා සිරගත වීමට සිදුවූයේ නැත. යුදෙව්වන් තුන්ලක්ෂයකට පමණ ඝාතනය කළ හිට්ලර් පාලනය තුළ වධකාගාර ලෙස සැලකූ අවුෂ්විට්ස් කඳවුරේ ඔස්කාර් කරන ලද්දේ ගිණුම් තැබීමේ කටයුතු ය. සමූල ඝාතන සඳහා අන්‍යාකාරයෙන් සහය වීම ඔහුට දඬුවම් හිමිවීමට හේතුවූ චෝදනායි.