බීමතින් රිය පදවාගෙන ගොස් පොලිස් අත්අඩංගුවට පත්ව මාංචු අතැතිව සිය විවාහ මංගල්‍යයට සහභාගි වූ මනාලියක පිළිබඳ පුවතක් අමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ. ඇය සිය මංගල ඇඳුම ද හැඳ විවාහ මංගල්‍යය ස`දහා සහභාගිවීමට යාමේදී අතරමඟදී ඇය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බීමතින් රියපැදවීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන මරානා පොලිසියට ගෙනගොස් ඇත. විවාහ වන මොහොත සඳහා පමණක් ඇය මුදාහැරීමට පොලිසිය කටයුතු කර ඇත. පසුව යළිත් ඇය බන්ධනාගාරගත කර ඇතැයි එරට වාර්තා පවසයි.