පේරු රාජ්‍යයෙන් පසුගිය වසරේදී හමුවී ඇත්තේ පිටසක්වළ ජීවියකුගේ මමියක් බවට රුසියානු ගවේෂකයන් හඳුනාගෙන තිබේ. එම මමියේ පටක සාම්පල පරීක්ෂා කිරීමේදී එය පෘථිවියේ වෙසෙන මිනිසකුගේ නොවන බවට ඔවුන් සොයාගෙන ඇත. මිනිසකුගේ හැඩැති මෙම මමිය අත්වල සහ පාදවල ඇඟිලි 3ක් පමණක් ඇති සිරුරේ පිහිටීම ද බොහෝ වෙනස් ජීවියකුගේ බව ඔවුන්ගේ අදහසයි. මෙය පේරු රාජ්‍යයේ නාස්කා සොහොනෙන් සොයාගන්නා ලද්දකි. එය ‘මිනිස් සත්ත්වයකු’ ලෙස හඳුනාගෙන ඇත. එහි වර්ණදේහ යුගල 23ක් ද පරීක්ෂා කරමින් පවතී. මෙම පිටසක්වළ මිනිස් සත්වයා 5 වැනි සියවසේදී පමණ වාසය කරන්නට ඇති බව ද සැක පළකෙරේ. පීටස්බර්ග්හි පිහිටි ජාතික ගවේෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොන්ස්ටෙයින් කොරොත්කොව් සහ විශේෂඥ හා විකිරණවේදිනී නතාල්යා සාලොන්යානා ද මෙම සාම්පල පර්යේෂණ සඳහා ලබාගෙන එ්වා යළි විමර්ශනය සඳහා යවා තිබේ. ‘ඔහුගේ කපාට වෙනස් ඇටසැකිල්ල අසාමාන්‍යයි. ඇඟිලි ඉතා දිගුයි. ඇතැම්විට මෙම මිනිස් සත්වයා වසර දහස් ගණනකට පෙර විසූ අයකු විය හැකියි’ යැයි ද මහාචාර්යවරයා පවසා ඇත. පිටසක්වළ ජීවින්ගේ බවට සැකකරන මෙවැනි මමි 5ක් මීට පෙර ද පේරු රාජ්‍යයේ නාස්කා සොහොන ආශ‍්‍රිතව සොයාගැනිණ. එ්වා වසර 1700ක් පමණ පැරණි එ්වා බව සැළකේ.