නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 12 වැනිදා පැවැති තරගයෙන් කඩුලු 6 ක් ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 19 කට සීමා කර තිබූ අතර එහිදී පන්දු යවන්නන් සිවුදෙනෙකුට ඕවර 4 බැගින්ද, එක් පන්දු යවන්නකුට ඕවර 3 ක්ද යැවීමේ අවස්ථාව හිමිවූහ.

මෙම තරගයට නායක දිනෙශ් චන්දිමාල් තරග දෙකක තහමකට ලක් වු නිස තිසර පෙරේරා නයකත්යවය දුන් අතර සුරන්ග ලක්මාල් මුල් වරට එක්කොට තිබුනි

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 19 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 152 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහිව පැවැති පළමු තරගයේදී මෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදීද පිට පිට අර්ධ ශතක දෙකක් ලබා සිටි කුසල් පෙරේරා, මෙම තරගයේදී සිය සුපුරුදු රිද්මයට පැමිණීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට වොෂින්ටන් සුන්දර් සමත් වියමෙය ශ්‍රී ලංකා පිලට ලොකු ප්‍රශ්නයක් වුයේ සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට ඉන්දියානු පන්දු යවන්නෝ ඉඩ නොදුන් හේතුවෙනි .

ඉනිමේ අවසන් භාගයේදී තරගයේ පාලනය සියතට ගත් ඉන්දීය වේගපන්දු යවන්නෝ ලකුණු 5 ක් තුළ කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 152 කට සීමා කළහ. ලකුණු 34 කට කඩුලු 2 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට මුහුණපා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම තත්ත්වයෙන් මුදවාගත් කුසල්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග (22) සමග එක්ව පන්දු 45 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. කඩුල්ල තුළටම යොමු කළ පන්දුවකින් තරංග දවාගත් විජේ ශංකර්, එම සම්බන්ධතාව නිමා කිරීමට සමත් වූ අතර දැවීයන විට තරංගගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත වී තිබිණ.

. ඉනිමේ අවසන් භාගයේදී තරගයේ පාලනය සියතට ගත් ඉන්දීය වේගපන්දු යවන්නෝ ලකුණු 5 ක් තුළ කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 152 කට සීමා කළහ. එහිදී ලකුණු 5 ක් ලබා සිටි අකිල ධනංජය පිටියෙන් ඉවත් කිරීමට ජයදේව් උනාඞ්කට් සමත් වූයේ ලෝකේෂ් රාහුල්ගේ සහායද ඇතිවය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරය යැවූ ශර්දුල් ඨාකුර් එහි සිවුවැනි සහ පස්වැනි පන්දුවලදී දසුන් ශානක (19) සහ දුෂ්මන්ත චමීර (0) දවාගත්තේ සිය කඩුලු සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ දමාගනිමිනි. ප්‍රථම ඉන්දීය තරගයේදී කුසල් ජනිත් වෙතින් එක ඕවරයකර ලකුණු 27ක් ලබා දුන් ශර්දුල් ඨාකුර් තරගයේ හොදම පන්දු යෙවීම වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය ගනු ලබුවේය.

මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක රෝහිත් ශර්මා (11) සහ ශිකර් ධවාන් (8) පිටියෙන් ඉවත් කළ අකිල ධනංජය තරගය කණ්ඩායම් දෙකටම විවෘත එකක් බවට පත්කළේය. එහෙත් ඉන් පසුව පිටියේ එක්වූ ලොකේෂ් රාහුල් (18) සහ සුරේෂ් රයිනා (27) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ මනීෂ් පාණ්ඬේ (නොදැවී 42) සහ දිනේෂ් කාර්තික් (නොදැවී 39) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ. පාණ්ඬේ හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර අතර පන්දු 25 කට මුහුණදුන් කාර්තික්ගේ ඉනිමට හතරේ පහර 5 ක් අන්තර්ගත විය.

ධම්මික රත්නවීර