අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් අදාළ පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ පෙත්සමක් ඊයේ (11) ගොනු කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි.
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත මගින් අත්තනෝමතික බලතල විධායකයට ලැබෙන බවත්, එමෙන්ම මහාධිකරණවල නඩු පැවරීමට අභිමතානුසාරී බලයක් විධායකට ලැබෙන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු ඊට අමතරව අදාළ පනත් කෙටුම්පත තුළින් නීතිඥවරුන් නියෝජනය ද කප්පාදු කිරීමට ලක්වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සිය පෙත්සම මගින් දන්වා තිබේ.

ඉෂාර රත්නකාර