නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම වටය නිමාවෙන විට පිතිකරුවන් අතර ඉන්දීය පි‍ලේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් හා ශ්‍රී ලංකා පි‍ලේ කුසල් ජනිත් පෙරේරා ඉදිරියෙන් සිටීම කැපී පෙනේ.
ධවාන් සහ කුසල් ජනිත් දෙදෙනාම මුල් වටයේ පැවැති තරග දෙකෙහිදීම අර්ධ ශතක ලබා ගැනීම නිසා ලකුණු අතරට පැමිණියේ වැඩි ප්‍රහාරක වේගයක්ද රඳා පවත්වා ගනිමිනි.

ධවාන් තමාගේ හොඳම විස්ස – 20 ඉනිම ආරම්භක ශ්‍රී ලංකා තරගයේදී ලකුණු 90 ලැබූ අතර බංග්ලාදේශයටද එරෙහිව නැවතත් ලකුණු 55 ලබා ලකුණු 145 ක් තරඟ දෙක තුළ ලබා තිබුණේ සාමාන්‍ය 72.50 ලෙස පවත්වා ගනිමිනි. තරඟ දෙක තුළ ධවාන් ප්‍රහාරක වේගය 157.60 ලෙස පවත්වා ගෙන තිබුණි.
කුසල් ජනිත් පෙරේරා ආබාධයක් නිසා කෙටි කලක් පිටියෙන් ඉවත්ව සිටියද ඔහු නැවතත් සුපුරුදු රිද්මයට පැමිණියේ ප්‍රථම තරගයේ ඉන්දියාවට එරෙහිව තරගයේ වීරයා ද වෙමිනි. පිට පිට අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 140ක් ථඵ;ඵතපඥ ඹයත තුන ස්ථානයේ වගකීම් ඉතා හොඳින් සිදු කරනු ලැබූ කුසල් ජනිත් ඉන්දීය බංගලාදේශ පන්දු යවන්නන්ට හිසරදයක් වී ඇත.

කෙසේ වුවත් ශ්‍රී ලංකා පිලට පිතිකරුවන්ගේ දක්ෂතා ඉදිරියට පැමිණියත් පන්දු යවන්නන්ගේ දක්ෂතා ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ බලා‍පොරොත්තු මට්ටමට නොපැමිණීම නිසා අනපේක්ෂිත පරාජයක් බංග්ලාදේශ ථඵ,ඨ බටපරඵණ මූලික වටයේදී ලැබිම නිසා විවෘත සටනක් නිදහස් කුසලානයට ඇතිවීම ඬඵඪඤ දෙවැනි වටය වඩා තියුණු මුහුණුවරක් ගනු ඇත.

පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වූ ප්‍රථම වටය නිමාවේදී ශ්‍රී ලංකා පිලෙහි පන්දු යවන්නන් අතර වේග පන්දු යුගලය දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් කඩුලු තුන බැගින් ලබා තිබුණද චමර ඕවර 8ක් තුල ලකුණු 77 ක්ද ප්‍රදීප් ඕවර 7 තුළ ලකුණු 75ක් ලබා දීමද කැපී පෙනුණි.

ඉන්දීය පි‍ලේ නවක වේගපන්දු යවන්නා ජේදේව් උනද්කාට් මුල් වටයේ තරග දෙක තුළ කඩුලු 4ක් ලබා ඉදිරියෙන්ම සිටි අතර බංග්ලාදේශ පි‍ලේ මුෂ්ටෆිසූර් රහමන් ද වේග පන්දුවෙන් දක්ෂතා අතර රැඳී සිටියේ මුල් තරග දෙකෙහි කඩුලු 4ක් ලබා ගනිමිනි. ඔහු ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ලකුණු 48ට කඩුලු 3ක් ලබා හොඳම පන්දු යැවීම ප්‍රථම වටයේ අවසානයේ ලබා තිබුණි.

කෙසේ වුවත් ඉන්දීය පි‍ලේ පා දඟ පන්දු යවන්නා යුස්වේන්ද්‍ර චාහාල් මුල් වටයේ තරග 2 තුළ ලකුණු 56 ක් ලබා යම් තර්ජනාත්මක බවක් පිතිකරුවන්ට පෙන්වීම තුළ දෙවැනි ඉනිමේ ඔහු නැවතත් වැඩි අභියෝගයක් කරනු ඇතැයි බලා‍පොරොත්තු වේ.

ධම්මික රත්නවීර