බටහිර ඇෆ්ගනිස්ථානයේ ෆාරාහ් ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි අනාර් ධාරා දිස්ති‍්‍රක්කය තලෙයිබාන් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන තිබේ. එ් පෙරේදා රාත‍්‍රියේ පැය ගණනාවක් පුරා පවැති ගැටුම්වලින් අනතුරුවයි. එම ප‍්‍රදේශය වටා තම මධ්‍යස්ථාන තවදුරටත් සිය ග‍්‍රහණයේ තබාගැනීමට ඇෆ්ගන් පොලිසිය හා බුද්ධි අංශවලට හැකියාව ලැබී ඇතැයි එරට වාර්තා පවසයි. ඇෆ්ගන් විශේෂ බළකා විසින් ෆාරාහ් දිස්ත‍්‍රික්ක ගැටුම්වලදී තලෙයිබාන් සටන්කාමීන් පරාජයට පත්කළ බව ද එම වාර්තා සඳහනන් කළේ ය.