කොළඹ රාජකීය විදුහල් පිලේ මැද පෙළ පිතිකරු කවිඳු මදාරසිංහ සටන්කාමී පිති හරඹයක නිරතව නොදැවී ලකුණු 58ක් රැුස් කරමින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිලට එරෙහිව පැවැති 139 වැනි නිල් මහ සටන මහා ක‍්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරමින් ඞී.එස්. සේනානායක අනුස්මරණ අභියෝගතා පළිහ රැුක ගැනීමට සමත් විය.

එස්.එස්.සී. පිටියේදී දින තුනක් පුරා පැවැති මේ තරගයේ ජයග‍්‍රහණය සඳහා සාන්ත තෝමස් විදුහල් පිල ලබාදුන් ලකුණු 216ක ඉලක්කය හඹා ගිය රාජකීය විදුහල් පිල දිනය නිමාවන විට කඩුලූ 6ක් දැවී රැුස් කළ ලකුණු සංඛ්‍යාව 143කි. විශිෂ්ට පිති හරඹයක නිරත වූ කවිඳු මදාරසිංහ සිය කණ්ඩායම පරාජයෙන් බේරා ගනිමින් පන්දු 81කදී නොදැවී ලකුණු 58ක් රැුස් කළ අතර ඊට හතරේ පහර 8ක් ඇතුළත් විය. ඔහුට අගනා සහායක් දුන් තෙවිඳු සේනාරත්න ලකුණු 24ක් රැුස් කළ අතර දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 56ක සම්බන්ධතාවක් ගොඩගැනීම කැපී පෙනුණි.

කාසියේ වාසිය දිනූ රාජකීය විදුහල් පිලේ නායක පසිඳු සූරියබණ්ඩාරගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල් පිල සිය පළමු ඉනිම සඳහා කඩුලූ 9ක් දැවී ලකුණු 166ක් ලබා ඉනිම අත්හිටවූ අතර රාජකීය විදුහල් පිල පළමු ඉනිම වෙනුවෙන් රැුස් කළ ලකුණු සංඛ්‍යාව 178කි. අනතුරුව සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ සාන්ත තෝමස් විදුහල් පිල කඩුලූ 6ක් දැවී ලකුණු 227ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 216ක ඉලක්කයක් රාජකීය විදුහල් පිල හමුවේ තබමිනි.

සාන්ත තෝමස් විදුහල් පිල වෙනුවෙන් අගනා පිති හරඹයක නිරතවූ දුලිත් ගුණවර්ධන ලකුණු 59ක් වාර්තා කිරීමට සමත්විය. ඔහුට අගනා සහායක් දුන් ෂැලින් ඩි. මෙල් රැුස් කළ ලකුණු සංඛ්‍යාව 57කි. සිතාර හපුහින්න දැවී ගියේ අර්ධ ශතකයට ලකුණු 3ක් අඩුවී තිබියදීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයට දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන බී.ඒ. අබේරත්න (රාජකීය), මාක් බිල්මෝරියා (ශාන්ත තෝමස්ම) හත්වරු සමග වසර 1971 රාජකීය විදුහල් පිලේ නායකත්වය දැරූ ජගත් ප‍්‍රනාන්දු, ඒ වසරේදී ශාන්ත තෝමස් විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කළ රවී සතාසිවම්, තරගයට අනුග‍්‍රාහකත්වය ලබාදුන් ඩයලොග් ආසියාටා සමාගමේ කලාපීය ප‍්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරිය, ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, නිල් මහ සටනේ සංවිධායක කමිටුවේ සම සභාපතිවරුන් අෂාන් ද සිල්වා (රාජකීය), එස්. රාජ්මෝහන් (ශාන්ත තෝමස්) මහත්වරු ද එක්වූහ.

තරගයේ වීරයා – කවිඳු මදාරසිංහ (රාජකීය), හොඳම පිතිකරු – දුලිත් ගුණරත්න (ශාන්ත තෝමස්), හොඳම පන්දු යවන්නා – මනුල පෙරේරා (රාජකීය), හොඳම පන්දු රකින්නා – ෂැලින් ද මැල් (ශාන්ත තෝමස්) ලෙස සම්මාන ලෑබීය.

ධම්මික රත්නවීර