ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන ටිම් විල්සන් ඔහුගේ සහකරු වන රයන් බොල්ගර් සමඟ පෙරේදා (12) දිනයේ විවාහ වී තිබේ. විශේෂත්වය වන්නේ සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා පසුගිය දෙසැම්බරයේදී පැවැති එරට පාර්ලිමේන්තු විවාදය අතරතුර ගෙන ආ විවාහ යෝජනාවෙන් මාස 3ක් ගතවූ පසුව ඔවුන් දෙදෙනා විවාහ වීමයි.
සමලිංගික විවාහ නීතිගත කිරීමට පක්ෂව සිදුකළ මන්ත‍්‍රීවරයාගේ කතාව අතරතුර යෝජනාව කරන ලද්දේ ටිම් විල්සන් මන්ත‍්‍රීවරයායි. එම අවස්ථාවේදී මහජන ගැලරියේ වාඩිවී සිටි රයන් බොල්ගර් මහ හඬින් ‘ඔව්’ යනුවෙන් පැවසූ පසුව සභාගැබ පුරා අත්පොළසන් හඬ විසිරෙන්නට විය.

මේ අනුව ටිම් විල්සන් ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වෙන අතරතුර විවාහ යෝජනාවක් ගෙන ආ පළමු මන්ත‍්‍රීවරයා බවට පත්වේ. මන්ත‍්‍රීවරයා සහ ඔහුගේ සහකරු දශක දෙකකට ආසන්න කාලයක් එක්ව වාසය කර ඇත.