තම හිසෙහි පැළැඳි සීක් ජටාව හේතුවෙන් රාත‍්‍රි සමාජ ශාලාවකින් නෙරපා දැමූ තරුණයකු පිළිබඳ පුවතක් එංගලන්තයේ නොටිංහැම්ෂයර් ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.
අම්රික් සිං නමැති 22 හැවිරිදි සීක් ජාතිකයකු වන ඔහු තම ආගමට අනුව සුපුරුදු පරිදි ජටාව පැළැඳ එ් වෙත ගිය අවස්ථාවේදී හිස්වැසුම ගලවා දමන්නට යැයි එහි ආරක්ෂකයකු පවසා ඇත.
මෙම තරුණයා පවසා ඇත්තේ මෙම ජටාව තම ආගමට අනුව පළඳින්නක් බැවින් එය ගලවා දැමිය නොහැකි බවයි. එවිට රාත‍්‍රි සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියා පවසා ඇත්තේ එය ඉවත් නොකරන්නේ නම් පිටතට යන ලෙසයි. මෙහිදී ඔහු සමඟ ගිය මිතුරන් ද කිසිදු සහයක් නොදක්වා ඔහු හැර දමා සමාජ ශාලාවට ඇතුළු වී තිබේ.
මේ පිළිබ`ද තරුණයා මහත් ශෝකයෙන් යුතුව සමාජ ජාල වෙත පණිවුඩ මුදාහැර ඇති අතර එම සමාජ ශාලා කළමනාකරුගෙන් තරුණයා මේ පිළිබඳ විමසා ඇත. කළමනාකරු පවසා ඇත්තේ හිස්වැසුම් පැළඳ ඇතුළු විය නොහැකි බවට වන කොන්දේසියක් තම සමාජ ශාලාවට බලනොපාන නමුත් මෙය ආරක්ෂක නිලධාරියා සිදුකළ වරදක් බව පෙනී යන බැවින් එ් පිළිබඳ අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. මෙම තරුණයා එංගලන්තයේ අධ්‍යාපනය ලබන අවසන් වසරේ නීති පීඨ සිදුවෙකි.