නේපාලයේ කත්මණ්ඩු නුවර ති‍්‍රභූවන් ගුවන් තොටුපලට ගොඩබැස්වීමට යාමේදී මගීන් හා කාර්ය මණ්ඩලයේ 71 දෙනකු රැුගත් ගුවන් යානයක් ඊයේ සවස අනතුරට ලක්වී තිබේ. අනතුරින් පුද්ගලයන් 17 දෙනකු බේරාගැනීමට හැකිවී ඇත. බංග්ලාදේශයට අයත් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වී තිබේ. යානයේ මගීන් 67 දෙනකු සිට ඇතැයි එරට වාර්තා පවසයි. ගුවන් පථයේ පිටතට යානය ධාවනය වී ගින්නක් හා දුමක් නැගී අනතුර සිදුවිය. පුද්ගලයන් ගලවාගැනීමේ මෙහෙයුම් ඊයේ පස්වරුව වන්තෙක් කි‍්‍රයාත්මක වූ අතර මියගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු එ් වනතෙක් වාර්තා වී නොතිබිණි. අනතුර හේතුවෙන් ගුවන් තොටුපලේ සෙසු සියලූම ගුවන් වාර අවලංගු කෙරිණ.