මහනුවර ගැටුම පිටුපස සිටින මහසෝන් බළකාය නම් වූ ‘ෆේස්බුක්’ සංවිධානය නඩත්තු කිරීමට අරමුදල් සපයන්නන් සොයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම සංවිධානය බොදු බල සේනාවෙන් කැඩී වෙන්ව ගොස් සිටින රැඩිකල් සංවිධානයක් බව ‍පොලිසිය හඳුනාගෙන තිබේ. එම බළකායේ ප්‍රධානියා වන අමිත වීරසිංහ මේ වන විට ‍පොලිස් අත්අඩංගුවේ සිටියි. ආරක්ෂක අංශවල හා බුද්ධි අංශ නිලධාරීන් ද ඔහු සමග සම්බන්ධකම් පවත්වන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් එම ‘ෆේස්බුක්’ සමාජ ජාලය සමග සම්බන්ධකම් පවත්වන බව විමර්ශන වාර්තා කියයි.

ගයාන් කුමාර වීරසිංහ