ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන අන්තර්ජාතික සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක උළෙලට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයකු වශයෙන් සහභාගි විය. එම සමාරම්භක උළෙලෙන් අනතුරුව සමුළුව පැවැත්වෙන රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිල හමුව ඊයේ (11) සිදුවූ අවස්ථාව.