රටටම බල පැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමට අපගේ නීතිවලින් ලැබී ඇති බලතල විස්තර කළ හැක්කේ කෙසේද?
1950 වසරේ සිට ක‍්‍රියාත්මක වන මහජන සුරක්ෂිතා ආඥපනතට අනුව රට තුළ අත්‍යවශ්‍ය සේවා ක‍්‍රියාත්මක කිරීම, රටට අවශ්‍ය දේවල් ඉටුකරදීම, ජනජීවිතය නිරුපද්‍රිතව පවත්වාගෙන යාම කියන කාරණා ඉටු කර ගැනීම ස`දහා රටේ ප‍්‍රධානියාට හැකියාවක් තියෙනවා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරන්න. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අපේ රටේ ප‍්‍රධානියා වන්නේ විධායක ජනාධිපතිවරයා. ඒ අනුවයි ජනාධිපතිවරයා මේ ආකාරයට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මෙය රටේ දැනට නිර්මාණය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය පාලනය කර ජනජීවිත නිරුපද්‍රිතව පවත්වාගෙන යාම ස`දහා පනවා ඇති තත්ත්වයක්.

හදිසි තත්ත්වය ක‍්‍රියාත්මක වීමට පටන් ගැනීමත් සමග රටේ ක‍්‍රියාත්මක වන සාමාන්‍ය නීතිවල යම් වෙනසක් සිදුවෙනවා ද?
මහජනතාවට ඇති යම් යම් අයිතීන් සීමා කිරීම්වලට ලක් වීමක් මේ කාලය තුළදී සිදු වෙනවා. ජාතික සමගිය, ආරක්ෂාව, සංහි`දියාව වෙනුවෙන් ජනතාවට නිදහසේ ඔබ මොබ යන්න, රැුස් වෙන්න තියෙන අයිතිය යම් තරමක සීමා කිරීමකට යටත් වෙනවා.  ඕන කෙනකුට තමන් කැමැති තැනක යන්න එන්න තියෙන අයිතිය නැතිවෙන්නෙ නැහැ. නමුත් රංචු ගැසීම්වලට, වෙනත් අයගේ අයිතීන්වලට ගැටලූ ඇතිවන ආකාරයේ හැසිරීම්වලට ඉඩක් නැහැ. මෙය තවදුරටත් සීමා වෙනවා පැය 24න් 24ට අලූත් කරමින් ක‍්‍රියාත්මක කළ හැකි පොලිස් ඇ`දිරි නීතියත් ඇතැම් ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන නිසා.

මහජනතාවගේ ආගම ඇදහීමේ නිදහසට මෙයින් යම් බලපෑමක් සිදුවෙනවා ද?
ආගම ඇදහීමේ නිදහස හදිසි තත්ත්වය නිසා කිසිදු ආකාරයක් සීමා කිරීමකට ලක් වෙන්නේ නැහැ.  ඕනෑම ආගමක කෙනකුට නිදහසේ තමන්ගේ ආගම අදහන්න පුළුවන්. නමුත් ආගම ඇදහීමට මුවාවෙලා කලහකාරීව හැසිරෙන්න, රංචු ගැහෙන්න උත්සාහ කළොත් අත්අඩංගුවට පත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

මේ තත්ත්වය යටතේ පුද්ගලයකු අත් අඩංගුවට ගත හැක්කේ කුමන බලතල යටතේ කාහටද?
සාමාන්‍ය නීති යටතේ අපරාධ වරදක් ස`දහා දණ්ඩ නීති සංග‍්‍රහයේ නීති ප‍්‍රකාරව අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ ස`දහන් ක‍්‍රමවේදයට අනුව පුද්ගලයකු අත්අඩංගුවට ගත හැකියි. එසේ අත්අඩංගුවට ගැනීමේදී අත්අඩංගුවට ගැනීමට හේතු දැක්වීම සහ අත්අඩංගුවට ගැනීමේ අවසරය තිබිය යුතුයි. නමුත් හදිසි තත්ත්වයක් ක‍්‍රියාත්මක වන අවස්ථාවකදී හේතු ඉදිරිපත් නොකර එසේම වරෙන්තු නොමැතිව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට ලැබෙනවා. මේ පවතින තත්ත්වය යටතේ එසේ අත්අඩංගුවට ගත හැක්කේ ජාතිවාදය සහ ආගම්වාදය පතුරුවන එසේම සාමය බි`දවැටෙන පරිදි කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්. අනෙක් කරුණ තමයි පොලිසියට වගේම ත‍්‍රිවිධ හමුදාවට, විශේෂ කාර්ය බළකායටත් ඉහත කී වැරදි සහගත හැසිරීම් දක්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ බලය තියෙනවා.

මෙවැනි හැසිරීමකට අත්අඩංගුවට ගතහොත් පොලිස් ඇප හිමි වන්නේ නැහැ. ඒ වගේම මහෙස්්ත‍්‍රත්වරයකුටත් මෙවැනි පුද්ගලයකුට ඇප නියම කරන්නට බැහැ. ඇප අයැදුම්පත ඉදිරිපත් කළ යුත්තේ අභියාචනාධිකරණයට. මෙවැනි ප‍්‍රචණ්ඩකාරී හැසිරීමකට වරදකරුවකු වන පුද්ගලයකුට වසර විස්සක් දක්වා සිරද`ඩුවම් නියම කිරීමේ හැකියාවකුත් තියෙනවා.

හදිසි තත්ත්වයකදී වැඩි බලතල ලැබෙන්නේ පොලිසියටද?
පොලිසියට වැඩි බලතල හිමිවෙනවා.  ඕනෑම අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමේදී අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ ත‍්‍රිවිධ හමුදා නිලධාරියකු හෝ විශේෂ කාර්යබළකා නිලධරියකු නම් ඒ අවස්ථාවේදී පවා පොලිස් නිලධාරියකු සිටිය යුතුයි. ඒ වගේම අදාළ ප‍්‍රදේශයේ පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට බලය තියෙනවා ප‍්‍රදේශයේ ආරක්ෂාව ස`දහා අවශ්‍ය පොලිස් නිලධාරීන් යොදවා ගන්න සහ අවශ්‍ය නම් තම යටතේ ඉන්න නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරන්න.

පොලිස් නිලධාරීන්ට අමතරව අනෙකුත් රජයේ නිලධාරීන්ට කටයුතු කළ හැකි නීතිමය සීමාවන් පවා වෙනස් වෙනවාද?
අනෙකුත් රජයේ නිලධාරීන් කිව්වම දිස්ත‍්‍රික් ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් ගැන තමයි වැඩි අවධානය යොමු වෙන්නේ. මේ නිලධාරීන් වඩා ප‍්‍රවේසම් විය යුතු දෙය තමයි  තමන් යටතේ සේවය කරන අනෙකුත් නිලධාරීන්ට විධාන ලබාදීමේදී නිවැරදි විධානයන් ලබාදීම. මොකද ඒ පහළ නිලධාරීන් නීතියේ සීමා ඉක්මවා කටයුතු කළහොත් වගකිව යුතු වන්නේ ඉහළ නිලධාරියාමයි. මෙම හදිසි තත්ත්වය පිළිබ`ද ගැසට් නිවේදනයේ රජයේ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී තියෙනවා.

මෙවැනි අවස්ථාවකදී පවා සීමා කළ නොහැකි අයිතීන් තියෙනවාද?
පෙර ස`දහන් කළා වගේ ආගමික විශ්වාසයන් පිළිබ`ද නිදහස සීමා කරන්න බැහැ. ඒ වගේම වදහිංසා පැමිණවීමෙන් වැළකී සිටීමේ නිදහස සීමා කරන්නත් බැහැ. ඒ කියන්නේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 සහ 11 වගන්ති සීමා කිරීමේ හැකියාවක් නැහැ.

අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට පැනවිය හැකි සීමාව ගැන පැහැදිලි කළොත්?
අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ගැන ගොඩක් අවධානය යොමුවෙලා තියෙන්නෙ අපේ ඉතිහාසයේ මුල් වතාවට මුහුණු පොතට පිවිසීමේ හැකියාව සීමා කරපු නිසා. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(ඇ *වගන්තියට අනුව, 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගේම තොරතුරු දැනගැනීමේ පනත අනුව අපට අදහස් ප‍්‍රකාශ කිරීමට සහ තොරතුරු දැන ගැනීමට පුළුල් නිදහසක් තියෙනවා. නමුත් මෙය අසීමිත නිදහසක් නෙමෙයි. ඒ නිසා සීමා කළ හැකියි. නමුත් මෙතන ගැටලූව තියෙන්නේ තෝරා බේරා ගැනීමකින් තොරව සියලූ දෙනාගේ මුහුණු පොත් සීමා කිරීමයි.

ක‍්‍රියාත්මක වෙමින් පවතින හදිසි තත්ත්වය ගැන නොදැනුම්වත් බව නිසා පුරවැසියකු අතින් දැනට අදාල නීතිවලට පටහැනි යමක් සිදුවුණොත්?
නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවෙයි. නමුත් හැමෝම නීති ගැන දැනුම්වත් කියලා අපට නිගමනය කරන්න අපහසුයි. හදිසි තත්ත්වය යටතේ යම් වරදකට චෝදනා ලැබුවහොත් චේතනාව විමසන්නේ නැතිව වරද විභාග කිරීමයි සිදුවන්නේ. නමුත් චෝදනාව ඔප්පු වනතුරු අහිංසකත්වයේ පූර්ව නිගමනය වලංගුයි. කොහොම වුණත් පුරවැසියන් විදියට සාමකාමීව හැසිරෙමින් ආගම්වාදය ජාතිවාදය මතු නොවන ආකාරයට කටයුතු කිරීමයි වඩා ප‍්‍රවේසම් සහගත කටයුත්ත වන්නේ.

හදිසි තත්ත්වය පැනවීම මගින් මේ තත්ත්වය පාලනය කරගත නොහැකි වුවොත් රජයට එළැඹිය හැකි ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ගය කුමක්ද?
දින 10ක් දක්වා කාලයකට ජනාධිපතිවරයාට හදිසි තත්ත්වය ක‍්‍රියාත්මක කළ හැකියි. ඉන් පසුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර හදිසි නීතිය පැනවීමේ හැකියාව තියෙනවා. එවැනි තත්ත්වයක් දක්වා ගියහොත් පාර්ලිමේන්තුව සම්මත කරන කාලයකට හදිසි නීතිය ක‍්‍රියාත්මක කළ හැකියි.

නෙලූෂා සිල්වා