හලාවත, ඉරණවිල, සමිඳුගම ප‍්‍රදේශයේ දස හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලිංගික හිංසනයට ලක් කර මරා දැමුණු බවට වූ පුවත පසුගිය සතියේ රට කම්පා කළේය. පෙබරවාරි 25 වැනිදා මියගිය සුසිත් නිර්මාල් දරුවාගේ සිරුර පෙබරවාරි 27 වැනි දා පෙරවරුවේ  ඉරණවිල සමි`දුගමට ආසන්නයෙන් ඇති කැලෑවක තිබී හමු වූ බව අපි පසුගිය සතියේ ලියා දැක්වීමු. ඒ අපරාධය ගැන අනේ අපොයි කියනු මිස අපරාධකරු කවුරුන්දැයි නිශ්චය කර ගැනීමට ඔත්තුවක් ඒ ලියන මොහොතේ හමු වී තිබුණේ නැත.

නමුත් ඉරණවිල දරුවාගේ ඝාතකයා නීතියේ රැුහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් කටයුතු පසුගිය සතිය පුරා රහසිගතවත්, සංවිධානාත්මක ලෙසත් දියත් කෙරිණ. ඒ මෙහෙයුම්හි ප‍්‍රතිඵලය සාර්ථක කරමින් අපරාධකරු නීතියේ රැුහැනට හසුකර ගන්නට ශ‍්‍රී ලංකා පොලිසිය සමත් වූයේය.

සුසිත් පුතාගේ ඝාතකයා අල්ලාගන්නට හලාවත පොලිසියට මුලින්ම උපකාර වූයේ වෙළෙඳසලක සවිකර තිබුණු සීසීටීවී කැමරා පද්ධතියකි. හලාවත ප‍්‍රදේශයේ වෙළෙඳසලකදී නා`දුනන පුද්ගලයකු සමග සුසිත් පුතා කතාබහ කරමින් සිටින අයුරුද, ඒ තැනැත්තා සුසිත් පුතු අතට යමක් දෙන ආකාරයද කැමරා රූපරාමුවල සටහන්ව තිබිණි.  පොලිසිය මේ ඔත්තුව ඔස්සේ කරුණු විමර්ශනය කිරීම ආරම්භ කළේය. එවිට අවසන් වතාවට සුසිත් පුතාව දුටු ගම්මු කිහිපදෙනකුම පොලිසියට තමන් දුටු දේ පිළිබඳව ඔත්තු පවසා තිබිණි.

”සමිඳුගම ක‍්‍රීඩා පිට්ටනිය ළ`ගදි මම දරුවව දැක්කා. මට මතක හැටියට ඒ වෙලාවේ දරුවා එක්ක හිටියේ පොල් කඩන ජූඞ්.” ඒ එක ඔත්තුවකි.

”පොල් කඩන ජූඞ් මාමා එක්ක සුසිත් ගිරා පැටව් අල්ලන්න කැලේ ගියා. ඒ මාමා මුලින්ම කැලේ යන්න කතා කළේ මට. ඒත් මාමා අතේ පොල් කඩන පිහිය තිබුණු නිසා මට යන්න බය හිතුණා. සුසිත් ගියා..” ඒ දරුවකු පොලිසියට කියූ කතාවකි. දැන් පොලිසියට ලැබෙන ඔත්තු සියල්ලම පෙළගැසෙන්නේ පොල් කඩන ජූඞ් වටාය.

ජූඞ් ලෝරන්ස් ෆොන්සේකා නම් වූ මේ සැකකරු පනස් දෙහැවිරිදි දෙදරු පියකු වන අතර ඔහුගේ බිරිඳ මියගොස් ඇත. දරුවන් සමග වාසය කිරීමට අකමැති වී ඇති ඔහු ගමින් ගම පොල්කඩමින් ද වෙරළාසන්න වාඩිවල කල් ගෙවමින් ද ස්ථිර වාසස්ථානයක් නැතිව ජීවත් වූ අයෙකි.

”ඊයේ දවල් දොළහට විතර පොල් කඩන ජූඞ් අපේ ගේ ළ`ගට ආවා. ඇවිත් බොන්න වතුර එකක් ඉල්ලූවා. මිනිහගේ කකුල්වල හොඳටම මඩ තිබුණු නිසා මම ඇහුවා ඇයි ඔය මඩ කියලා. මිනිහා කිව්වා ලී කපන්න කැලේ ගියා කියලා.  එහෙම කැලේ ලී කපන්න අවසර නෑනෙ කියලා මම කිව්වම ජූඞ් ඒක ගණන් ගන්නෙ නැතුව යන්න ගියා..” මේ කටඋත්තර මගින් සැකකරු කවුරුන්දැයි ඉලක්ක කරගත් පොලිසිය පොල් කඩන ජූඞ් සෙවීමේ මෙහෙයුම රහසිගතවම කරගෙන ගියේය.

සැක කටයුතු ආගන්තුක පුද්ගලයකු නයාරු හි ධීවර වාඩිවල සැරිසරන බවට පෞද්ගලික ඔත්තුකරුවකු මගින් මුලතිව් වැඩබලන පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩෙන්සිල් වැන්ඩගට් මහතාට ආරංචි වන්නේ මේ අතරතුරේය. වෙරළාශ‍්‍රිතව ජීවත්වන මේ ආගන්තුක තැනැත්තා ඉරණවිල දරුවාගේ ඝාතකයා විය හැකි බවට සැකපිට ඔහුව පසුගිය තුන්වැනිදා පෙරවරුවේ මුලතිව් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිණි. එදින පස්වරුවේ හලාවත සිට මුලතිව් බලා ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු භාරගත් අතර සුසිත් පුතාගේ සැබෑ ඝාතකයා ඔහුදැයි දැන ගැනීමට පාපොච්චාරණ කට උත්තර ලබා ගැනීම ඇරඹිණ.

ජූඞ් පළමුව උත්සාහ කර තිබුණේ පොලිසිය නොමග යැවීමටයි. ගිරා පැටව් අල්ලා දෙන බව පවසා තමන් දරුවා රවටාගෙන ඉරණවිල කෑලෑ ප‍්‍රදේශයට රැුගෙන ගොස් ලිංගික අතවරයක් කළ බව ඔහු පළමුව පිළිගත් නමුත් කිසිසේත්ම තමන් දරුවා මැරුවේ නැති බව දහ අතේ දිවුරමින් පවසා තිබිණි.

නමුත් පශ්චාත් මරණ පරීක්ෂණය අනුව සුසිත් පුතා මියගොස් තිබුණේ ලිංගික අපයෝජනයට අනතුරුව හිසට සිදුවූ බරපතළ අනතුරක් හේතුවෙනි. සැකකාර ජූඞ් සුසිත් පුතාගේ ඝාතකයා බව අනුමාන කළ පොලිසිය නොනවත්වා දිගින් දිගටම ජූඞ්ගෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කර තිබිණි.

අතවර කරන විට හඬන්නට වූ දරුවා සියල්ල නිවසේ අයට කියන බව පැවසීම නිසා බියට පත්ව මෙම ඝාතනය සිදු කළ බව සැකකරු අනතුරුව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

දරුවාගේ මළ සිරුර ලඳු කැලැවක ස`ගවා පිටතට පැමිණි තමන් හලාවත ප‍්‍රදේශයේම විවිධ තැන්වල රැුඳී සිටි අතර දින දෙකකින් දරුවාගේ සිරුර ලඳු කැලෑවෙන් සොයාගැනීමත් සමග බියට පත්වී තංගල්ල සිට මුලතිව්, නයාරු බලා ධාවනය වන ශීඝ‍්‍රගාමී බස් රථයකට හලාවතින් නැගී නයාරු ප‍්‍රදේශයට පැමිණි බවත් සැකකරු සඳහන් කර ඇත.
මුලතිව් ප‍්‍රදේශවාසීන් ඉතා බුද්ධිමත් සහ කල්පනාකාරී ලෙස නා`දුනන පුද්ගලයා පිළිබඳව තොරතුරු පොලිසියට දැනුම් දුන් නිසා පොලිස් මෙහෙයුම සාර්ථක වූ බව පැහැදිලිය.

අත්අඩංගුවට ගත් සැකකරු ජූඞ් ලෝරන්ස් මීට පෙර අවස්ථාවක බන්ධනාගාරගතව සිටියකු බවටද පොලිසිය හෙළිකරගෙන ඇත. ඒ 2003 වසරේදී වයස අවුරුදු 06ක දැරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ චෝදනාවටය. නමුත් මේ සඳහා එකම සාක්ෂිය දැරූ මියගිය දැරියගේ මව සියදිවි හානි කරගැනීම නිසා එහි වාසිය අත්වූ ජූඞ් ඒ වතාවේ බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ තිබිණි.

පළමු වරද අවස්ථාවේම ජූඞ් එල්ලූම් ගහට නියම වූයේ නම් ඉරණවිල සුසිත් පුතා තවම ගම පුරා දුවපැන ඇවිදිමින් කෙළිදෙළෙන් සෙල්ලම් කරන බව අපට ලියන්නට සිදුවන්නේ කනගාටුව පෙරදැරිවය.

සාවිත‍්‍රි  විතානගේ
සමන් වඩුගේ