යොහාන් මෙන්ඩිස්

මහනුවර හා කුරුණෑගලදී අද (09) ආරම්භ වීමට නියමිතව තිබූ පාසල් මහා ක්‍රිකට් තරග කල් දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව මහනුවරදී 101 වැනි නිල් මහා සටන ත්‍රිත්ව-කටුගස්තොට ශාන්ත අන්තෝනි තරගය, ශාන්ත සිල්වෙස්තර හා විද්‍යාර්ථ සුරතලුන්ගේ සංග්‍රාමය සහ ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ කිංග්ස්වුඩ්-ධර්මරාජ මහා ක්‍රිකට් තරග කල්දමා ඇත.

මේ අතර 35 වැනි ඇතුගල්පුර සටන මලියදේව-ශාන්ත ආනා මහා ක්‍රිකට් ගැටුම කුරුණෑගල දී අද ඇරඹීමට හා ඉරිදා එම දෙවිදුහල්හි එක්දින තරග පැවැත්වීමට මුලින් කටයුතු යොදා තිබුණ ද ආරක්ෂාව සලකා දින නියමයක් නැතිව කල් දැමීමට තීරණය කළ බව සංවිධායකවරයෙක් පැවසීය.

කෙසේ වුවත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිදහස් කුසලාන ඕවර විස්ස-20 තරගාවලිය කිසිම වෙනසකින් තොරව පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කර ඇත.

ධම්මික රත්නවීර