මේ වන විට ලෝ පුරා වසංගතයක් ලෙස පැතිරී යන දියවැඩියාව රෝගය සම්බන්ධව පුළුල් අවධානයක් යොමු වී ඇත. සෑම වයස් කාණ්ඩයක්ම, සෑම තරාතිරමකම පුද්ගලයන් වාගේ දියවැඩියා රෝගයට ගොදුරු වෙමින් ඇති යුගයකි මේ. එබැවින් දියවැඩියා රෝග පාලනය සඳහා විවිධ පර්යේෂණ ක‍්‍රම වෛද්‍ය විද්‍යාව තුළ අත්හදා බලමින් සිටියි. එකිනෙකට වෙනස් ඖෂධ වර්ග රාශියක් දියවැඩිය රෝග පාලනයට පවතින නමුත් මේ කිසිවකින් දියවැඩියාව මෙල්ල වන බවක් පෙනෙන්නට නැත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස නූතන විද්‍යාඥයින්ගේ අවධානය අපේ පැරණි ආහාර වට්ටෝරු වෙත යොමු වී ඇත.

බි‍්‍රතාන්‍යයේ නිව්කාසල් සරසවියේ පර්යේෂකයින් පිරිසක් පෙන්වා දෙන පරිදි දිනකට කැලරි 600ක් වැනි අවම ප‍්‍රමාණයක් අඩංගු ආහාර වේලක්  සති 8ක කාල පරාසයක් ආහාරයට ලබා ගැනීම මගින් අලූතින් හඳුනා ගන්නා ලද දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම වාගේ පාලනය වී ඇත. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ කැලරි අඩුවෙන් අඩංගු ආහාර වේලක් මගින් අග්න්‍යාසය හා අක්මාව අශ‍්‍රිතව මේදය තැන්පත් වීම කැපී පෙනෙන ලෙස පහත හෙලන අතර මෙමගින් ශරීරයේ ඉන්සියුලින්වල ක‍්‍රියාකාරීත්වය ඉහළ නංවයි. පර්යේෂණයට සහභාගී වූ පුද්ගලයින් අතරින් හත් දෙනකුගේම දියවැඩියා රෝගී තත්ත්වය මාස 3ක් අවසානයේ දී සම්පූර්ණයෙන්ම පාලනය වී තිබේ. කෙසේ වුවත් මෙම පුද්ගලයන්ට කාලයක් ගතවූ පසුව දියවැඩියා රෝගය යළි ඉස්මතු වේදැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ සිදුවිය යුතුව ඇත.

අද වන විට අප රට පුරා වයස් භේදයකින් තොරව වසංගතයක් ලෙස පැතිර යන රෝගී තත්ත්වයක් ලෙස දියවැඩියා රෝගය අවිවාදයෙන් හ`දුන්වා දිය හැක. අපගේ ශරීරයේ  ආහාර පරිවෘත්තියේදී ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන ඉන්සියුලීන් හෝර්මනය නිසි පරිදි නිපද නොවීම, නිසි උපරීම කි‍්‍රයාකාරීත්වයක් නොදැක්වීම, යන කරුණු මත ශරීරගත ග්ලූකෝස් මට්ටම ඉහළ යාම දියවැඩියා රෝගයේදී සිදු වෙයි. මේ නිසා දියවැඩියා රෝගයට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමේදී ශරීරගත ඉන්සියුලීන් හෝර්මෝන මට්ටම ඉහළ යාමටද ශරීරගත වන ග්ලූකෝස් මට්ටම පාලනය කෙරෙහිද විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

මෙම ලිපියේ අරමුණ දියවැඩියා රෝගයට පවතින විවිධ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රතිකාර ක‍්‍රම සම්බන්ධයෙන් විශ්ලේෂණයට ලක්කිරීම නොව, රෝගය සම්බන්ධව සමාජය තුළ පැතිර යන විවිධ මතවාදයන් සම්බන්ධව ඔබ වඩා නිවැරදි ආකාරයට දැනුවත් කිරීමයි.

විශේෂයෙන් අනෙක් රෝගාබාධ මෙන් නොව දියවැඩියා රෝගය පාලනයේදී අප එදිනෙදා ආහාර ලෙස ලබා ගන්නා ද්‍රව්‍යවලින් දැඩි බලපෑමක් එල්ල වන බව සිහියේ තබාගත යුතුය. මෙම ආහාර සම්බන්ධව මතවාදයන් නිර්මාණය වන්නේ අතීතයේදී අප මුතුන් මිත්තන් නිදුක් නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීමට අනුභව කළ ආහාර අද දවසේ බටහිර වෛද්‍යවරුන් විසින් ආහාරයට ලබා ගැනීම නොකළ  යුතු  යැයි තම සායනවලදී පැවසීම සමගය. එසේ නැතහොත් බටහිර වෛද්‍යවරුන් පවසන දෙය අපේ රටේ රෝගී ජනතාවට නොතේරීමය. අනෙක් අතට සාමාන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් රෝගය සහ රෝගය පාලනය ගැන දැනුවත් කිරීමට මෙම වෛද්‍යවරුන්්ට නොහැකි වීම හෝ කාලය වැය කළ නොහැකි වීමයි.Untitled-4

මේ සියල්ලේ ප‍්‍රතිඵලය ලෙස අසරණ වන්නේ සාමාන්‍ය ජනතාවයි. අනෙක් අතට බටහිර වෛද්‍යවරුන්ද සමාජයේ දැඩි විවේචනයට ලක්වෙයි. ” අද ක්ලිනික් එකට ගියාම කිව්වා කුරක්කකන්, රතු කැකු`ථ බත් වගේ දේවල් කන්න එපා කියලා. දොස්තරලට පිස්සුද මන්දා.  අපේ සීයලා කෑවෙම මේවනේ. කෝ කිසි දියවැඩියාවක් නෑනේ.”යි බොහෝ දෙනකු පවසනු මමද පෞද්ගලිකවම අසා ඇත්තෙමි. මේ සම්බන්ධව ගවේෂණාත්මක චාරිකාවක නිරත වූ මා අවබෝධ කර ගත්තේ මෙහි වරද ඇත්තේ දියවැඩියා රෝගීන්ට  අප විසින් නිසි අවබෝධයකින් සහ වගකීමෙන් යුක්තව කාලය වැයකර කරුණු පහදා දීමක් නොකරන නිසා මෙම අවුල නිර්මාණය වී ඇති බවයි. එය අද වන විට නූල් බෝලයක් තරමටම පැටලී ඇත.

පළමුව අප දියවැඩියා රෝගීන් විසින් ආහාර ලබා ගත යුතු අන්දම ගැන සරල අවබේධයක් ලබා ගනිමු. මෙම ඉහත සටහන් පෙළ කියවීමෙන් ඔබ විසින් මෙතෙක් සිතා සිටි බොහෝ කරුණු සාවද්‍ය බව ඔබටම අවබෝධ විය යුතුය. මේ සටහන් පෙළ කියවීමෙන් ඔබ විසින් සිතා සිටි මිථ්‍යා මත සියල්ල  බැහැර කළ යුතුය.

මෙම සටහන් පෙළ කියවීමෙන් අනතුරුව ඔබට මා විසින් ආරම්භයේදී මතුකළ ගැටලූ යළි ඉස්මතු වූවා නම් මම පුදුම නොවෙමි. අතීතයේදී අපේ මුතුන් මිත්තන් රතු කැකුළු බත්,  කුරක්කන් පිටි ආහාර ලබා ගත්තද එය තවදුරටත් සුදුසු නොවන්නේ කුමන කරුණක් නිසාද යන්න විමසා බැලිය යුතුය. අපගේ ආහාර වේලේ ප‍්‍රධාන පෝෂණ සංඝටකයක්ව පැවතියේත්, පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් ලෙස බටහිර පවා පිළිගැනීමක් ලබා තිබුණේද රතු කැකුළු සහල් බත්ය. එම කරුණු කිසියක් මෙම ලිපියේ ස`දහන් කරුණුවලින් අසත්‍ය නොවෙයි. මෙහිදී වැදගත් වන්නේ අප විසින් පවසන කරුණු නිසි ලෙස අවබෝධ කරගැනීමයි.

ඉතා ඉහළ පෝෂණ ගුණයකින් හෙබි රතු කැකුළු සහල් ගැන ම`දක් විමසා බලමු. සුදු සහල් මෙන් නොව රතු සහල්වල වඩා වැඩි විටමින් බී 3, බී 6, මැන්ගනීස් පොස්පරස් ප‍්‍රමාණයක් ඇත. යකඩ තන්තු සහ අත්‍යවශ්‍ය මේද අම්ලද ප‍්‍රමාණාත්මකව ඉහළය. මැන්ගනීස් පොස්පරස් මගින් අපගේ ස්නායු සමායෝජන යාන්ත‍්‍රණ වේගවත් කරයි. ෙසෙල නිර්මාණය පහසු කරයි.

ශරීරයේ බර අඩුකර ගැනීමටද මෙම සහල් ඉවහල් වෙයි. රතු කැකුළු සහල් තුළ අඩංගු තන්තු සහ සෙලෙනියම් පිළිකා සෑදීමේ හැකියාව පහත හෙළයි. එසේම ශරීරගත කොලෙස්ටරෝල් මට්ටම අවම කරයි. ආර්ථව හරණයට ලක්වූ කාන්තාවන් හෘදයාබාධයන්ට ලක්වීමේ ඉහළ අවධානමක් පවතින නිසා මෙවන් කාන්තාවන්ටද රතු කැකුළු  සහල් බත් ගුණ දායකය. දියවැඩියාව වැනි පරිවෘත්තීක රෝගද  හටගන්නේ අවම ලෙසිනි.

එහෙත් මෙතරම් ගුණාත්මක බවක් පැවතියද ඔබ දියවැඩියා රෝගියකු  බවට පත් වූ පසුව රතු කැකුළු සහල් බත් පි`ගාන පුරාවට අනුභවයට අවසර ලබා දිය නොහැක. කුමන හෝ බත් වර්ගයක් කෝප්පයක් පමණක් අනුභව කළ හැක. කුරක්කන් සම්බන්ධවද පැවසිය හැක්කේ මේ කරුණමය.

ඵෂඞෑෘ ඵෑ්ඛ ඣභක්‍ෑඡුඔ  හෙවත් අපගේ ආහාර වේලෙන්  1/3 ක්  ප්‍රෝටීනද තවත් 1/3 ක් පිෂ්ට යද ලෙස මිශ‍්‍ර කුඩා ආහාර වේල් – අඩංගු විය යුතු  අතර ඉතිරි හරි අඩ එළවළු කෝප්ප දෙකකින් සමන්විත විය යුතුය.
මේ අනුව ඔබ දියවැඩියා රෝගියකු නම් ඔබට හිතු මනාපෙට ආහාර ගිල දැමීමට නොහැකිය.

අපගේ අතීත මුතුන් මිත්තන් ඉතා කාර්ය බහුල, කය වෙහෙසා දහඩිය දමන ශ‍්‍රමය උපරීම ලෙස කැප කරන රැුකියාවල නිරත වුවද අද අපගේ ජීවිතය නොවැදගත් ලෙස කාර්ය බහුල බවක් පෙන්නුවද ඒ තුළ කය වෙහෙස වීමක් නැත.

දිනකට බිත්තර 10 ක් පමණ අනුභව කරන ලෝක කෙටි දුර ධාවන ශූරයාට කිසිදු හෘදයාබාධයක් නැත. එ් වූ පමණින් අපට එසේ දිනකට බිත්තර 10 ක් තබා 01 බිත්තරවක් වුවද වැඩි විය හැක. කුරක්කන් සම්බන්ධවද පැවසිය හැක්කේ මේ කරුණමය. අතීතයේදී මුතුන්  මිත්තන් දිනය පුරා කය අධික ලෙස වෙහෙසවා පැළට පැමිණි පසුව කුරක්කන් පි`ගානක් හො`දි  සමග ගිල දැමීමේ වරදක් හෝ අගුණයක් නෙවෙයි.

එහෙත් උදේ සිට සවස් වනතුරු කාර්යාලයේ ලිපි ගොණුවකට හෝ පරිගණක තිරයක් මතට හෝ අසුනකට බර දී රාජකාරී කරන අප රාතී‍්‍ර කාලයේදී කුරක්කන් පි`ගානක් ගිල දැමුවද ඒ ලබා ගන්නා ශක්තිය පිට කරන්නේ කෙලෙසකද?