පාර්ලිමේන්තුවේ වැරදි නියෝජනය වෙනස් කර නිවැරදි පාලන තන්ත‍්‍රයක් පත්කර ගැනීමේ මහ මැතිවරණයක්  ජනතාවට අවශ්‍යය බව එ්කාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (19* පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එ් මහතා මෙසේ පැවැසුවේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයේ යෝජනාව ඉදිරිපත් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා මෙසේ පැවැසීය.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ලංකාවේ උද්ගතව ඇති දැවැන්ත දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විවාද කිරීමට යෝජනා කරනවා. වසර තුනකට ආසන්න කාලයකට පස්සේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජනතාව රජයට එරෙහිව ඡුන්දය දුන්නා. මැතිවරණ ප‍්‍රතිඵලය සංසන්ධනාත්මකව බැලීමේදී එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයකට ලක් වෙලා තියෙනවා. මහ බැංකු බැ`දුම්කර සිද්ධියත් සමග මේ රජය පරාජය කරන්න ජනතාව පියවර ගෙන තියෙනවා.  මේ තත්ත්වය නිසා ආයෝජකයින් එන්නේ නැහැ. කොටස් වෙළෙ`දපොළ කඩා වැටෙනවා. එවැනි ආණ්ඩුවකට රටක් ගෙනියන්න බැහැ. පාර්ලිමේන්තුවේ වැරදි නියෝජනය වෙනස් කරන නිවැරදි පාලන තන්ත‍්‍රයක් පත්කර ගැනීමේ මහ මැතිවරණයක්  ජනතාවට අවශ්‍යයි.

මෙය පළාත් පාලන මැතිවරණයක් පමණයි කියනවා නම් රාජ්‍ය නායකයෝ ඇයි මැතිවරණයට ගියේ. මේ අර්බුදය තවත් වැඩි කරන්න එපා. සන්ධානය මේ වන විට කැඩිලා නිසා ජාතික ආණ්ඩුව අවසන්. එක්සත් ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා නම් එ් සදහා ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ අවසරය අවශ්‍යයි අලූත් ආණ්ඩුවක් පිහිටුවන්න.

ආයුබෝවන් කියා ගෙදර යාමයි දැන් කරන්න තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා
එ් යෝජනාව මා ස්ථිර කරනවා. මැතිවරණ ක‍්‍රමයේ අසාමන්‍ය වෙනස්කම් කරලා පැරදුණත් බලය ගන්න විදියටයි මැතිවරණය දුන්නේ. ප‍්‍රථිපල නිකුත් කර ගන්න බැරි කොමිෂම අද වැඩ බැරි කොමිෂමක් වෙලා. තිබුණේ පළාත් පාලන මැතිවරණයක් වුණත් ජනමත විචාරණයක් ලෙස සලකලා ඡුන්දය දෙන්නයි කියලා අපි ජනතාවට කිව්වා. මේ මැතිවරණ ප‍්‍රතිපලය පාර්ලිමේන්තු මැතිවරණයක් විදියට සැලකුවොත් එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ ආසන 67යි. රටේ ජාතික මනස නොහ`දුණන අගමැතිවරයෙක් ඉන්නේ. බි‍්‍රතාන්‍යයේ ඬේවිඞ් කැමරන් අගමැතිවරයා දැරූ මතය පරාජය වීමෙන් පසු ඔහු ඉල්ලා අස්වුණා. ජනවාරි 8 ජනාධිපතිවරණ ජන වරමෙනුයි සුළු පිරිසක් හිටපු එක්සත් ජාතික පක්ෂයෙන් අගමැතිවරයෙක් බිහි කළේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට මේ ආණ්ඩුවේ සිටීමේ ප‍්‍රතිපල අද හිමි වෙලා තිබෙනවා. ප‍්‍රාථමික තර්ක දාලා පරාජයේ හෙළුව වසාගන්න හදන්න එපා. ජනාධිපතිට, අගමැතිට තවදුරටත් බලයේ ඉන්න බැහැ. ජනතාව ප‍්‍රතික්ෂේප කළ ජනවරමක් නැති ආණ්ඩුවකට රට ගැන තීරණ ගන්න බැහැ. දැන් පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව ණය ගන්න පුළුවන් වන විදිහේ පනතකුත් ගේන්නයි හදන්නේ.

(රාජිත සේනාරත්න මහතා හා විමල් විරවංශ මහතා විවාදයට පැටලේ*
නැව් 7යි. දැන් යන තැනකට පාර කපා ගන්න. දත් ගලවලා නැව්ගත්ත නැව්පතියා.  වාචාලකම් රට ප‍්‍රතික්ෂේප කරලා ඉවරයි. මහජන මතයට කන්දීලා ගෙදර ගියේ නැත්නම් කුදලලා යවන්නයි වෙන්නේ.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා
අද උදේ කිව්වා ජාතික ආණ්ඩුව නැහැ කියලා. මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියලා තියෙනවා පත්තරේ ස`දහන් වුණු ආකාරයේ ප‍්‍රකාශයක් තමන් නොකළ බව. මගේ ළ`ග එ් ප‍්‍රකාශය තියෙනවා.
විමල් වීරවංශ මහතා – ලේඛනයක් තියෙනවා නම් සභාගත කරන්න. ෆෝන් බලාගෙන කියවන්නේ.

රාජිත සේනාරත්න – තාක්ෂණය මෙතුමා දන්නේ නැහැ. සාමාන්‍ය පෙළවත් පාස් නැහැ.
විමල් වීරවංශ මහතා – මම සාමාන්‍ය පෙළ පාස් නැත්නම් හෙට ඔප්පු කරන්න අස්වෙනවා.
රාජිත සේනාරත්න – ඇයි එ්ලෙවල් කළේ නැත්තේ. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ඡුන්ද ප‍්‍රතිශතය 55.3%ක්. මහින්ද විරෝධය වැඩිවෙමින් තිබෙනවා. මේ අය දිනුවෙ සභා. ඡුන්ද දිනලා නැහැ.  ඕනම ආණ්ඩුවක් අවුරුදු තුනකට පස්සෙයි තමන්ගේ කි‍්‍රයාමාර්ග ඉදිරියට ගෙනියන්නේ.

අපිට ජනතාව හො`ද පාඩමක් උගන්වලා. ආණ්ඩුව පරාජය කරලා නැහැ. 51% සිට 55. දක්වා අපේ ප‍්‍රතිශතය වැඩිවෙලා. දැන් තමයි කට්ටියගේ නඩුහබ එළියට ගිහින් කට්ටිය හිරගෙදර යන කාලේ. ඊළ`ග මැතිවරණයේදී මේ අයගෙන් කී දෙනෙක් එළියේ ඉ`දියිද දන්නේ නැහැ. තාජුඞීන්ගේ මරණ වාර්තා ඉවරයි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුත් එක්ක ඡුන්ද ප‍්‍රතිඵලය එන්නේ ඉදිරියේදී. ආණ්ඩුවේ සල්ලිවලින් අක්කාගේ දුවගේ ම`ගුල් කාපු බව නිවාස අමාත්‍යංශ වැය ශීර්ෂයේදී ඔප්පු වුණා.

විමල් වීරවංශ – හැන්සාඞ් කතා වැඩක් නැහැ. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න.

විපක්ෂ නායක ආර් . සම්බන්ධන් මහතා
ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ජනතාවගේ තීරණය ගරුකළ යුතුයි. පළාත් පාලන මැතිවරණ ඡුන්දයේදී ප‍්‍රකාශ වන මතය අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපතිවරණයේ ඡුන්ද ප‍්‍රකාශ කිරීමේ තත්ත්වය වෙනස්. පළාත් පාලන ඡුන්දයෙන් පස්සේ ඊළාම් රාජ්‍ය ඇති වෙනවා කියලා මහින්ද රාජපක්ෂ අහිංසක ජනතාව අතර ප‍්‍රචාරය කළා. අපි මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු කළේ නොබෙදුණු රටක් තුළ දේශපාලන විස`දුමක් වෙනුවෙනුයි. දකුණේ ජනතාව මේ කට්ටිය මුළා කෙරුවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලීීන් බණ්ඩාර මහතා
පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් කර ගත්ත අයට අද පරාජය හිමිවෙලා. ජනාධිපතිතුමා මේ අයට ආණ්ඩු හදන්න එන්න කියලා හො`දට කඬේ යැව්වා. ජනාධිපතිතුමාගේ ලණුව නම් පොහොට්ටු පක්ෂයේ කට්ටිය කෑවා. දේශපාලනිකව ආණ්ඩුවට බලය ගන්න මේ අයට අවශ්‍ය නැහැ. තමන්ගේ නඩු ඉවත් කර ගන්නයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා
රට අරාජික තත්ත්වයට පත්වෙලා නිසා විවාදයක් පවත්වන්න  ඕනේ කියලා හදිසියේ විවාදයක් පවත්වන්න තීරණය කළා. මේක ජනමත විචාරණයක් ලෙස අර්ථකථනය කරනවා නම් එ් ක`දවුර මෙයින් ෆේල්. අපි මේ මැතිවරණය ජනමත විචාරණයක් ලෙස කිසිසේත් සලකන්නේ නැහැ. ආණ්ඩු පාර්ශ්ව නියෝජනය කරන කණ්ඩායම් දෙකේ එකතුවෙන් ඔවුන් ජයගත්තා කියන්නේ එ් නිසයි. ආණ්ඩු පාර්ශ්ව නියෝජනය කරන කණ්ඩායම් විශාල පසුබැස්මකට ලක්වෙලා තියෙනවා ආණ්ඩු බලය තිබියදීත් පළාත් පාලන මැතිවරණය පරාජය වීම නිසා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඩාලි පාරේ නෙවෙයි වෙන තැනක තියෙන බව මේ මැතිවරණ ප‍්‍රතිපලයෙන් පෙන්නුම් කර තිබෙනවා. ජාතිවාදී කණ්ඩායම් මතට දේශපාලන බලය ගලායෑමේ අනතුරක් උතුරු පළාතේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කර තිබෙනවා. නැවත තමන්ගේ දේශපාලන ගමන දෙස හැරී බලන්න සියලූ දේශපාලන පක්ෂවලට අවස්ථාව ලබා දීමක් මේ මැතිවරණ ප‍්‍රතිපලයෙන් පෙන්නුම් කර තිබෙනවා. මැතිවරණයෙන් පසුව එකට සිටීමට නොහැකි තත්ත්වයක් ආණ්ඩු පක්ෂ කණ්ඩායම්වලට ඇති වුණා. ජනාධිපතිධුරයේ නැවත වතාවක් වාඩිවීමේ හැකියාවක් තියෙනවාද කියලා ජනාධිපති සොයන්න ගත්තා. අගමැතිවරයාත් විධායක පුටුවේ වාඩි වෙන්න සැලසුම් හැදුවා. ජනවාරි 8 ප‍්‍රතිඵලය වර්ධනය වුණු පාලනයට තිබුණු විරෝධය, එ් ජනවරම දෙදෙනාම අමතක කරලා හොරගල් අහුලන්න ගත්තා. දේශපාලන දාදුකෙළියකයි ඔවුන් යෙදුණේ. වංචාව ¥ෂිතයින් රකින පාලකයින් බවට පත්වීමේ ප‍්‍රතිඵලය මේ මැතිවරණයෙන් ලැබිලා තියෙනවා. එක ඝාතනයක් අල්ලන්න බැරි වුණේ පරික්ෂණ ආයතනවලට කරන බලපෑම් නිසයි. මැතිවරණ ප‍්‍රතිපලයෙන් පස්සෙත් උත්සාහ කළේ එකිනෙකා මත පරාජය පටවා සුද්ධවන්තයෝ වීමටයි. බල පොරය අද රට අරාජිකත්වයට ගෙනත්. මෙ බලපොරයෙන් මිදුණේ නැත්නම් රට අරාජික වීමෙන් මිදෙන්නේ නැහැ.

ජනවාරි 8 වැනිදා බලවේගයන් ආයේ කවදාවත් එකතු වෙන්නේ නැහැ. ජනාධිපති පුටුව ඉදිරියේ තියාගෙන කරන මේ බල සූදුව නතර කරන්න. විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමටයි ජනවාරි 8 බලය ලැබුණේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා
පොදු ජන පෙරමුනේ ජයග‍්‍රහණය ගැන සුභ පතනවා. මගේ පියා අලූත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා. මාස 18ක් මහන්සි වුණා. අන්තිමට ඡුන්ද ලක්ෂ 10යි ලැබුණේ. නමුත් සුළු කාලයක් ලැබු ජන්ද ප‍්‍රතිශතය ඉතා ප‍්‍රසංශනීයයි. එ් වුණත් මේක බහුතරය කියලා හිතන්න එපා. මේක 44.65% කියන්නේ 50% නෙවේ. මේක විශාල ජයක් ලෙස හිතන්න එපා. අනිත් පැත්ත ගහන්න එපා. එජාප, එජනිස, ශී‍්‍රලනිප, ආදි ඔක්කොම එකතු වුණාම 53%ක් පොදු පෙරමුණට ලැබිලා නැහැ.

කැමැත්තෙන් ඉල්ලා අස්වුණොත් හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රධුරය නැති වුණොත් විතරයි අගමැතිවරයා ඉවත් කරන්න පුළුවන්. මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න සදාචාරය හා නීතිය තියෙනවා. එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප‍්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කළ යුතුයි. අපි කිසිදේකට බය නැහැ. අපි මේ සතියේම අපේ බහුතරය ඔප්පු කරන්න පියවර ගන්නවා.

තිලංග සුමතිපාල- ජාතික ආණ්ඩුව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා විමසා තීන්දුවක් ලබාදෙන තෙක් ඉදිරි මාස කිහිපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික රජය යටතේ එක්ව කටයුතු කරනවා.

ජාතික ආණ්ඩුව පිළිබඳව නීතිපතිවරයාගෙන් නීති උපදෙස් පතා ඇතත් මේ අවස්ථාවේ ඒ සඳහා මත විමසුම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදුකරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මත විමසුම සිදුකිරීමට ජනාධිපතිවරයාට ඉඩ සලසමින් මෙම තීරණය ගන්නවා.

පාර්ලිමේන්තුව නැවතත් අද (20* දහවල් 1.00 ට රැුස්වීමට නියමිතය.

රන්මලී සෝමසිරි