ශ‍්‍රී ලංකාව තුළ ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක වීමේ කිසිදු ප‍්‍රගතියක් නැති බවත් මෙකී යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක‍්‍රියාත්මක කරන ලෙසට ලක් රජය වෙත දැඩි බලපෑමක් සිදුකරන ලෙසත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් විදේශීය රටවල්වලින් ඉල්ලා තිබේ.

ශ‍්‍රීලංකා රජය ජාත්‍යන්තරයට විවිධ හේතු කාරණා පෙන්වමින් යෝජනාව ක‍්‍රියාත්මක කරන බව කියමින් ජාත්‍යන්තරය රැුවටීමට උත්සාහ කරනු ඇති බවද හෙතෙම කීය.

ලබන 27 වැනිදා අරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලක් රජය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන සැසිවාරයට සහභාගි වන විදේශීය රටවල් 26ක නියෝජිතයින් 40 දෙනකුගේ සහභාගිත්වයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී විශේෂ සාකච්ඡුාවක් පැවැත්විණි. මෙම සාකච්ඡුාවට සහභාගි වෙමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 වසරේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් 30-1 යෝජනාව ලක් රජය විසින් පිළිගනු ලැබුවා. එහෙත් එම යෝජනාවේ නිර්දේශ කිහිපයක් හැර අන් කිසිවක් ක‍්‍රියාත්මක කරල නැහැ. අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලයක් පිහිටුවීමේ පනත සම්මත කර ඇතත් එම කාර්යාලය මෙතෙක් ක‍්‍රියාත්මත කරල නෑ. ඉතිරිව ඇති වසරක කාලය තුළ ජිනීවා යෝජනාවේ නිර්දේශ සියල්ලම ක‍්‍රියාත්මක කිරීම සදහා ජාත්‍යන්තර රටවල් ලක් රජයට බලපෑම් කළ යුතුයි.

පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය සහ යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට කාලය ප‍්‍රමාණවත් නැති බව රජය කියන්නට පුළුවන්. රජයේ මෙම  රැුවටීමට හසු නොවී ජිනීවා යෝජනාව මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීමට විදේශීය රටවල් ලක් රජයට දැඩිව බලපෑම් කළ යුතුයි.

ශ‍්‍රී ලංකාව තුළ මෙම යෝජනාව ක‍්‍රියාත්මක කිරීමේ කිසිදු ප‍්‍රගතියක් නැහැ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කාර්ය සිදුවෙමින් පවතින බවට ආණ්ඩු පාර්ශ්වයෙන් කියන්නට පුළුවන්. එහෙත් එම ක‍්‍රියාවලියද අසම්පූර්ණයි.

සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් යම් යම් ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව දක්නට ලැබුණත් වගවීමේ ක‍්‍රියාවලියේ කිසිදු ප‍්‍රගතියක් දක්නට ලැබෙන්නෙ නැහැ.

එෆ්. අස්ලම්