අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 45 වැනි වරටත් සංවිධානය කොට ඊයේ (18) අම්බලන්ගොඩ මුහුදු සීමාවේදී පවත්වන ලද සැතපුම් දෙකේ විවෘත පිහිනුම් තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාව දිනාගත් අතර සමස්ත කාන්තා ශූරතාව කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය විසින් දිනා ගනු ලැබිය. මෙවර මෙම තරගයට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරගකරුවන් 560 දෙනකු පමණ සහභාගි වී තිබිණි.

කෙසේ වුවත් පිරිමි තරගයේ ප්‍රථම ස්ථානය මරදාන ශාන්ත ජෝශප් විදුහ‍ලේ ඩිෂෙන් රණවීර විසින්ද, කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ ගාල්ල ගිංතොට විද්‍යාලයේ කෞෂල්‍යා රෝහිණී ක්‍රීඩිකාව විසිනි.

ඒ හැරුණු විට මෙම තරගයේ දී විනාඩි 75 ක් ඇතුළත තරගය නිම කළ වයස්ගතම ක්‍රීඩකයා ලෙස සිංහ සමාජයේ අංගම්‍පොඩි මහේන්ද්‍ර ද තරගය නිම කළ ළාබාලම ක්‍රීඩකයා ලෙස මරදාන ශාන්ත ජෝශප් විදුහ‍ලේ ජොසුවා ඩී ‍පොන්සේකා ද ළාබාලම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ දේවානන්ද විදුහ‍ලේ සංජනා ආකර්ශා ද සම්මාන දිනාගත් අතර නියමිත කාලය තුළ තරගය අවසන් කළ ආබාධිත ක්‍රීඩකයාට හිමි සම්මාන හිමි වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අජිත් කුමාරටය.

නෙරංජලා වික්‍රමසිංහ/ආර්. ඥානදාස අම්බලන්ගොඩ

Untitled-4