දකුණු අප‍්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමා එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක පක්ෂය වන එ්එන්සී පක්ෂය තීරණය කර තිබේ. මේ බව නීත්‍යනුකූලව ජාකොබ් සූමාට දැන්වීමට එම පක්ෂය පියවර ගෙන ඇත. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දිගින් දිගටම බලකෙරුණ ද ජාකොබ් සූමා එය ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එරට පාලක පක්ෂයේ ජාතික විධායක කමිටු සාමාජිකයන් 107 දෙනා ප්‍රෙටෝරියාහි හෝටලයක් තුළ මේ පිළිබඳ පැය 13ක කාලයක් ඊයේ රහසිගතව සාකච්ඡුා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ. කෙසේවෙතත් පාලක පක්ෂය මෙම තීරණයට එළැඹුණ ද එහිදී ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුළදී ආසනයෙන් ඉවත් වීමක් සිදු නොවේ. එහෙත් රටේ ප‍්‍රධානියා ලෙස ධුරයෙන් පහකිරීම මෙමගින් හැකි වන බව එරට වාර්තා පවසයි.

මේ පිළිබඳ දැනගත් ජනාධිපති සූමා වහාම දේශපාලන පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡුා කර තිබේ. එ් ඉදිරි දිනවලදී ඔහු ඉවත්කිරීමට පාලක පක්ෂය විසින්ම ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙනඑ්මට සූදානම් වන හෙයින් එහිදී පාර්ලිමේන්තුව තමන්ට පක්ෂව බහුතර බලය රඳවා ගැනීම සඳහායි.  එරට පවතින දේශපාලන තත්ත්වය මත පාර්ලිමේන්තුව තුළ ඔහුට බහුතර ඡුන්දය ලබාගැනීමට අසමත් වනු ඇති බවත් එහිදී ඔහුට ඉවත්වීමට සිදුවනු ඇති බවත් එරට දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ජාකොබ් සූමා 2009 වසරේ සිට මේ දක්වා දකුණු අප‍්‍රිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි. 75 වැනි වියෙහි පසුවන ජාකොබ් සූමාට ¥ෂණ චෝදනා හා ජනපතිවරයකුට උචිත නොවන හැසිරීම් හේතුවෙන් ජනපති ධුරයෙන් ඉවත් වන ලෙස බලපෑම් එල්ල වූයේ පසුගිය දෙසැම්බරයේ සිට ය. එ් එරට පාලක පක්ෂයේ ප‍්‍රධානත්වය සිරිල් රාමපෝසාට ලැබීමෙන් පසුවයි. එහෙත් ඉල්ලා අස්නොවීමේ තීරණය තුළ දැඩිව සිටීම හේතුවෙන් පාලක පක්ෂය ජාකොබ් සූමා ඉවත් කිරීමේ නීත්‍යනුකූල ප‍්‍රවේශයකට මෙසේ එළැඹීමට කටයුතු කොට ඇත.