හික්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අම්බලන්ගොඩ, ඉඩන්තොට පදිංචිව සිටි එකම පවු‍ලේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ඊට ආධාර උපකාර කිරීම අනුබල දීම යටතේ අත්අඩංගුවට ගත් දකුණේ පාතාල නායක ‍පොඩි ලැසී ඇතුළු සැකකරුවන් දස දෙනා පෙබරවාරි 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා පෙරේදා (12දා) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපති උපදෙස් ලැබි තිබෙන බැවින් උද්ධෘත හා පැමිණිල්ලක් ගොනු කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී අම්බලන්ගොඩ ‍පොලිසියට දැනුම් දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ‍පොලිසිය 96162 යටතේ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

ජයකාන්ත ලියනගේ – අහුන්ගල්ල