මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පෙරේදා (12දා) පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව ට්විටර් පණිවුඩයක් ඔස්සේ කර තිබූ ප්‍රකාශයකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදෙමින් දැන්වත් ජනතාවට ලබාදුන් ‍පොරොන්දු ඉටුකරන ලෙස ප්‍රකාශ කර ඇත.

මංගල සමරවීර අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ 2018 පළාත් පාලන මැතිවරණයත් සමග මහින්ද රාජපක්ෂ නැවත වතාවක් ජනාධිපති ධුරය ලබාගැනීම සඳහා සිහින දකින බවයි. නමුත්  මැතිවරණ ප්‍රතිඵලයේදී 2015 51.28ක්ව පැවැති මහින්ද රාජපක්ෂ විරෝධී ඡන්ද ප්‍රමාණය 2018 ඡන්දයේදී 55.35 ක් දක්වා වර්ධනය වී ඇති බැවින් එම සිහිනය සිහිනයක්ම බවට පත් වී ඇති බැවින් යහපාලන ආණ්ඩුව නැවත අවදිව සුපුරුදු මාවතට පැමිණිය යුතු බව සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙන නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩයෙන් පවසන්නේ අමාත්‍යවරයා රාජපක්ෂ විරෝධීන්ව සොයන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවම දන්නා බවයි. එබැවින් මේ මොහොතේ පටන්වත් රාජපක්ෂවරුන්ට පහරදීම නවත්වා රට සංවර්ධනය කිරීමට කටයුතු කිරීමටත් ජනතාවට ලබාදුන් ‍පොරොන්දු ඉටුකිරීමටත් කටයුතු කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සිය පණිවුඩයේ සඳහන් කර ඇත.

නයන තරංග ගමගේ

SHARE

2 COMMENTS

  1. namal baby. Dan. nadu walata muna denna lasthi wenna
    aluth jamparayak , mettayak. , body eka. hadanna toy tikak
    horen kapuwa wamarana. kale hari , babyla. chande illuwanam
    me tikath Naha. a nisa boru sewala epa , mihin Lanka. ekata wuna
    paduwa , thajudinge. maranaya , dehiwala. thanu maliga , kohenda
    ban salli. yako. nikamek wage horen kanne nathiwa. mahansi wela igena gena
    mudal hamba karapan. meka duppath ratak , asdeka. arala balapan minisun
    duk vidina hati. horen. kapuwa return karapan , yanakota yanne. his athin
    paw godakuth aragena , mahinda. mulu lokema mal puja karala , pirith nul
    gata gahuwata. yanne. apayata.

  2. නාමල් බේබි, මංගල ඇමතිතුමා නම් 2015 දි ලාංකීය ජනතාවට විතරක් නෙවි, ලෝක ජනතාවටම වෙච්චි පොරොන්දු කීයක් ඉටු කළාද? ජනතාවට දැනෙන්න බීර මිල පහත හෙළුවා, මත්පැනට අදාලව කාන්තා අයිතීන් ලබා දෙන්න විධිවිධාන ගෙනාව, යුධ අපරාධ සිදු වු බව එජාසං ඉදිරියේ නිහතමානීව පිළිගත්ත. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙනාවා. ජනාධිපති ධුරයේ මුක්තිය නො තිබුණා නම් පියාටත් වෙච්චි පොරොන්දුව මෙලහට ඉටු කරල. එහෙනම් පොහොට්ටුවක් තියා මල් රේණුවක්වත් හොයා ගන්න නැහැ. එකම දේ මේ පොරොන්දු ඉටු කරන්න තමුන්නාන්සේලාගෙන් අත්‍යාවශ්‍ය සහයෝගය ලබා නො දීමයි. තමුන් බේරා ගැනීම ගැන මේ රටේ පොදු ජනතාවට දැන්වත් නමස්කාර කරන්න.

LEAVE A REPLY

Previous articleපාතාල නායක ‍පොඩි ලැසී ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්
Next article‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල චලිතට අහිමි වේ