එළැඹෙන අප්‍රේල් මස 04 වැනි දින සිට 15 වැනි දින දක්වා Australia වේ.. Goldcoast හිදී පැවැත්වීමට නියමිත 21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතාවට සහභාගි වීම 04 වතාවක් ජාතික මේස පන්දු ශූරයා වූ චලිත රංජනට මගහැරී යාමට සිදුවී තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස පැවති තේරීම් තරග අතරතුර ඇතිවූ දකුණු අත (Forearm) මාංශ පේශී කැඩී යාම හේතුවෙන් ඔහුට මාස දෙකක කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවුණි. මේ අනුව ඔහුට ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතාවලියට එක්වීමේ අවස්ථාව මගහැරී ඇත.

2017 වසරේ අන්තර්ජාතික තරගාවලිය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට චලිත රංජන සමත් වූ අතර. 2017 අප්‍රේල් මස (Forearm) හි පැවති ආසියානු මේසපන්දු ශූරතාවලියේද ප්‍රබල දස්කම් දැක්වීය. එමෙන්ම ජුනි මස Germany»xˆ Dusseldorf පැවති ලෝක මේස පන්දු ශූරතාවලියේද ශ්‍රී ලංකාව වෙනුවෙන් එකදු තරගාවලියක් හෝ ජයගත්තේ චලිත රංජන පමණි. වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන්නේද චලිත රංජනයි. පසුගිය ඔක්තෝබර් මස අවසන් වූ නවසීලන්තයේ ඛිඩපඪඵජඩභපජඩ හිදී පැවති නවසීලන්ත විවෘත මේස පන්දු ශූරතාවලියට සහභාගි වීමට ආරාධනා ලද එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා චලිත රංජන වූ අතර එම තරගාවලියේදී රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළේය.

නවසීලන්ත විවෘත තරගාවලියක මෙවන් දස්කමක් කළ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසගත වේ. වත්මන් මේසපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු අංක 3 ස්ථානයේ රැඳී සිටී. මොහුගේ සේවය ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට අහිමි වීම ශ්‍රී ලංකාවේ මේසපන්දු ක්ෂේත්‍රය වෙනුවෙන් මහත් පාඩුවකි.