පුත්තලම නගර සභාවට තරග වැදී පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු නගරයේ ස්ථාන කීපයකට කඩා වැදී එයින් එක් ස්ථානයකට පහර දී හානි කිරීම සම්බන්ධව පුත්තලම පොලිසිය මගින් ඊයේ (13* අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ පුත්තලම නගර සභාවට තරග වැදුණ එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයකු බව කියන උදිත රත්නායක නමැති අයෙකි. අදාළ අපෙක්ෂකයා පෙරේදා (12* දහවල් සිට අධික ලෙස බීමත්ව පුත්තලම නගරයේ ස්ථාන ගණනාවකට කඩාවැදී පුද්ගලයින්ට පහරදීමට තැත් කර ඇති බවත් එසේම පුත්තලම නගර සභා භූමියට කඩාවැදී එහිද සේවකයින්ට බැණ වදිමින් හැසිරී ඇති බවද ඉන් පසුව පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට 12 දින රාත‍්‍රියේ තවත් පුද්ගලයකු සමග කඩා වැදී එහි බඩු බාහිරාදියට හානි කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.

එසේම වනාතවිල්ලූව පොලිසියේ පොලිස් නිලධාරියකුද පුත්තලම නගරයේදී 12 දින බැණ වැදී තර්ජනය කර ඇති බවට ද වාර්තා වෙයි .කෙසේ නමුත් ආදාළ සැකකාර අපේකෂකයා 13 දින උදෑසන පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉෂාරා ජයසිංහ – පුත්තලම