අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන දහ අටක බලය අත්පත්කර ගත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් අතර නගරාධිපති හා සභාපති තනතුරු ස`දහා සීතල යුද්ධයක් ආරම්භ වී තිබෙන බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළහ.

පළාත් පාලන මැතිවරණය අවසන්වීමෙන් අනතුරුව අනුරාධපුර මහ නගර සභාව, මිහින්තලය, තලාව, කැකිරාව, රාජංගණය, නොච්චියාගම, අනුරාධපුර නැගෙනහිර, බටහිර ඇතුළු ප‍්‍රාදේශීය සභා රැුසක සීතල යුද්ධය ආරම්භ වී තිබෙන අතර එස්.එම්. චන්ද්‍රෙස්න හා ශෙහාන් සේමසිංහ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අපේක්ෂකයන් අතර සීතල යුද්ධය ආරම්භ වී ඇති බව වාර්තා විය.

අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු නැවත නගරාධිපති ධුරයට පත් කිරීමට සූදානමක් තිබෙන බවට රාවයක් පැතිර යද්දී ¥ෂණයෙන් හා අල්ලසින් තොර ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු වන බුද්ධික පේ‍්‍රමදාස මහතා එම තනතුරට පත්කරීම සුදුසු බවට තවත් මතයක් ගොඩනැගෙමින් සීතල යුද්ධය ආරම්භ වී තිබෙන බව අනාවරණය විය. බුද්ධික මන්ත‍්‍රීවරයා ශෙහාන් සේමසිංහ මහතාගේ අපේක්ෂකායා බව පැවසේ.

ඊට අමතරව මිහින්තලය ප‍්‍රදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා මෙවර සභාපති පුටුවට සුදුසු බවට මතයක් ගොඩ නැගෙද්දී එක්සත් ජාතික පක්ෂයේ බල ක`දවුරක් වන මිහින්තලය ගෙවල් විස්ස ඇතුළු 577-582 මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ බල ක`දවුරු සුනුවිසුනු කළ මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතා එම තනතුරට පත්කරන ලෙස යෝජනා වන බවද වාර්තා විය. ඒ මහතා එස්.එම්. චන්ද්‍රෙස්න මන්ත‍්‍රීවරයාගේ පාර්ශ්වය බව වාර්තා විය.

අනුරාධපුර මහ නගර සභාවේ බලය ඇල්ලූ පොදුජන පෙරමුණේ හො`දම නගරාධිපති අපේක්ෂකයා ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රී බුද්ධික පේ‍්‍රමදාස මහතා බවට පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ බහුතරය අනුරාධපුර වෙළෙ`ද සංගමයේ බහුතරය මෙන්ම පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ඇතුළු ආධාරකරුවන් විශාල පිරිසක් පැවසූහ. අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති ධුරය සම්බන්ධයෙන් විවිධ මතයන් පල කළ පිරිස් මෙසේ පැවසුවේය.

”ජනතාව රටේම හරි මතයක් දුන්නේ ගමේ නිවැරදිම පුද්ගලයන්ට තනතුරු දෙන්න කියලා. පසුගිය කාලය තිස්සේම අනුරාධපුර මහ නගර සභාවේ පාලන කටයුතු හරියට සිදු වුණේ නෑ.

දැන්වත් ජනමතයට ගරු කරලා හරි විදියට නගරය පාලනය කරන්න පිරිසිදු දෑතක් තියෙන කෙනකුට තනතුර දෙන්න  ඕන. එකම පක්ෂයේ විවිධ පුද්ගලයෝ ඉන්නවනේ.  නැත්නම් ඊළ`ග වතාවේ වෙන්නේ අනික් පක්ෂවලට වුණාට වඩා අන්ත දෙයක්. අරයට මෙයාට  ඕන විදියට හිටපු ජනාධිපතිතුමා කටයුතු කළොත් ලබාගත් ජයග‍්‍රහණය ඉදිරියේදී ආපස්සට යනවා.” යනුවෙන් ඔවුන් පැවසූහ.

මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධුරය අනිවාර්යයෙන්ම ලබාදිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය අතහැර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණි ලලිත් එදිරිසිංහ මහතාට බව එම පක්ෂයෙන් ප‍්‍රාදේශීය සභාවට තරගකර තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් බහුතරයක් ස`දහන් කළහ. ලලිත් මහතා නිවැරදිව සියලූම පක්ෂවල ජනතාවට සාධාරණය ඉටු කරමින් කටයුතු කරාවි යැයි ඔවුන් පැවසූහ.

මෙවර මැතිවරණයේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ කටයුතු මෙහෙයවූ අමාත්‍ය පී. හැරිසන්, අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනකුට අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක් ජය ගැනීමට නොහැකි වූහ.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන 18ක බලය ඇල්ලූ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් අතර බලය ස`දහා පොරයක් පවතින බවට නැගෙන රාවය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසුවේය.

”කිසිම කෙනෙක් බල පොරයක නෑ. අපි අද (13 වනදා* තමයි මහින්ද රාජපක්ෂ මහතා හමුවෙන්නේ. එතුමා තීරණය කරයි සුදුස්සන් කවුද කියලා. මමවත් චන්ද්‍රසේන මන්ත‍්‍රීතුමාවත් එහෙම කතාවක් කරලා නෑ. කිසිම බල පොරයක් නිර්මාණය වී නැහැ.” යැයි ඒ මහතා පැවසුවේය.

බුද්ධික විජේසූරිය – අනුරාධපුර