ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින පර්පෙචුවල් ටේ‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරුන්ගෙන් දින 03 ක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, රහස් ‍පොලිසියට ඊයේ (12) අවසර ලබා දුන්නාය.

ඒ අනුව අද (13 දා) හෙට (14) සහ අනිද්දා (15දා) යන දිනවලදී අදාළ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට මහෙස්ත්‍රාත්වරිය රහස් ‍පොලිසියට අවසර ලබා දුන්නේ ය.

සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට අවශ්‍ය පහසුකම් රහස් ‍පොලිසියට සකසන ලෙස මහෙස්ත්‍රාත්වරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා ය.

රහස් ‍පොලිසියේ උප ‍පොලිස් පරීක්ෂක විමල් ජයවීර මහතා කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළා ය.

අදාළ සැකකරුවන් දෙදෙනා මේ මස 16 දා තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

ඉෂාර රත්නකාර

SHARE

1 COMMENT

  1. මහජනයාගේ දුක්මහන්සියෙන් ,දහදිය,ලේ කදුලින් උපයාගත් මුදල් හොරකම් කල කිසිදු පාහරයෙක් මෙලොව යහතින් ජිවත් වුයේ නැත .අතීතය ඒවාට උදාහරණ ඕනා තරම් ඇත.එසේ මහජන දේපොළ හොරා කාපු “එම පර බල්ලන්ට” එම සාපයෙන් මිදිය නොහැක එපමණක් නොව උන්ගේ අබුදරුවන්ටද එම සාපයෙන් මිදිය නොහැක.දරුවන්ගේ දරුවන්ද මේසා විශාල සාපයෙන් මිදිය නොහැක.එලෙසම මෙම “පවට දායකවූ ” දේෂත් ද්‍රෝහී දේශපලුවන්ටද එලෙසම වන්දිගෙවීමට සිදුවෙනු නියතය. එම “දේශපාලුවන්” අප මවුබිමේ මොන තනතුර දැරුවත් උන්ට මෙම පාපයෙන් ගැලවීමක් නොමැත.එය සක්කරයාටවත් වැලැක්විය නොහැක.

LEAVE A REPLY

Previous articleලෝකයට ශාන්තිය උදා වේවා - ජනපතිගේ මහා ශිවරාත්‍රී දින පණිවුඩය
Next articleප්‍රසිද්ධ දේශපාලනයට එන්න තවම අදහසක් නෑ - ගෝඨාභය ගුවන්තොටේදී කියයි