එක්සත් ඡුාතික පක්ෂය හා එක්සත් ඡුනතා නිදහස් සන්ධානය ඇතුළු පක්ෂ බොහොමයක සිහින බොඳකරමින් පළාත් පාලන මැතිවරණයේ මොනරාගල දිස්ත‍්‍රික්කයේ සියලූ ප‍්‍රාදේශීය සභාවල බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනා ගැනීමට සමත්විය.

මේ මැතිවරණය ආරම්භයේදී බොහෝ දෙනකු සිතා සිටියේ එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් ලැබේවි යනුවෙනි. ඊට හේතුව ලෙස පවසා සිටියේ ප‍්‍රධාන පක්ෂය දෙකට කැඞීමත් සමග එහි පූර්ණ වාසිය එජාපයට යනු ඇති බවයි. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැල්ලවායේ පැවැති ජන හමුවට ආ අති විශාල පිරිසත් සමග ඒ මතය සම්පූර්ණයෙන්ම වෙනස්වන බව අනෙක් පක්ෂවල පිරිස් දැන ගත්තද ඒ බවක් පෙන්වීමට උත්සාහ කළේ් නැත.
එසේම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සංධානයේ ආසන සංවිධායකවරුන් ක‍්‍රියාකාරී සාමාජිකයින් ගමට සුදුසු පුද්ගලයින් සිටියදී නිවැරදි අය තෝරාගැනීම සිදුකර නැතැයි පවසමින් චෝදනා මුඛයයන් කතා කරනු දක්නට ලැබුණු අතර ඒ හේතුව නිසාම බොහෝ ගම්මට්ටමේ සංවිධායකයින් තම පක්ෂවලින් ඈත්වී විරුද්ධ පක්ෂවල හිතවතුන්ට උදව් උපකාර කරනු දක්නට ලැබුණි.

මොනරාගල හා සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය සභාවල බලය නියත වශයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හිමිකරගන්නා බවට මතයක් ගොඩ නැගී තිබුණි. අවසන් ප‍්‍රතිඵලවල ද එය මනාව පැහැදිලි වූයේ සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය සභාව පොහොට්ටුව ඡුන්ද 19910ක් හිමිකරගන්නා විට අනෙක් පක්ෂ තුනම එකතුව ලබා ගත්තේ ඡුන්ද 14781ක් පමණි. මොනරාගල තත්ත්වයද එසේමය. පොහොට්ටුව ඡුන්ද 18065ක් ලබා ගන්නාවිට අනෙක් පක්ෂ තුනම එකතුවී ලබාගෙන තිබුණේ ඡුන්ද 13594ක් පමණි.

අනෙක් කොට්ඨාසවල මැතිවරණ දිනය ආසන්නවත්ම කිසිවකුගෙන් හෝ නිශ්චිතව දිනන කණ්ඩායමක් පිළිබඳව තීරණයක් ලබා ගනීිමට නොහැකි වී තිබූ අතර, බොහෝ දෙනකු අදහස් දක්වමින් මත පළකර සිටියේ දැනට ආණ්ඩුව පවත්්වගෙන යනවා සේම එජාපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ප‍්‍රාදේශීය සභා ගෙනයනු ඇති බවය. ඒ සියලූ මත පුස්සක් බවට පත්කරමින් මැතිවරණය නිමා වී මන්ත‍්‍රී ධුර හිමිවන විට වැල්ලවාය ප‍්‍රාදේශීිය සභාවේ මන්ත‍්‍රී ධුර 14ක්, බිබිල ප‍්‍රාදේශීිය සභාවේ මන්ත‍්‍රී ධුර 10ක් බුත්තල ප‍්‍රාදේශීය සභායව් මන්ත‍්‍රී ධුර 10ක් කතරගම ප‍්‍රාදේශීය ය සභාවේ මන්ත‍්‍රී ධුර 8ක් මැදගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී ධුර 7ක් සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී ධුර 20ක් ම`ඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී ධුර 11ක් බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී ධුර 9ක් මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී ධුර 11ක් ලෙස දිස්ති‍්‍රක්කයේ මන්ත‍්‍රී ධුර 114ක් හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම සමත් වූහ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප‍්‍රාදේශීය සභා දහයේ මන්ත‍්‍රී ධුර 56ක් හිමිකරගත් අතර එක්සත් ජනතා සංධානය මන්ත‍්‍රී ධුර 21ද ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රී ධුර 14 හිමි කරගත්හ. මේ අතර ස්වාධීන කණ්ඩායම් තුනක්ද ආසන එක බැගින් හිමිකර ගැනීමට සමත්වූහ.

මැතිවරණ ඉතිහාසයේ මාධ්‍යවේදීන් දෙදෙනකු මැතිවරණයේදී ප‍්‍රාදේශීය සභා සඳහා තරගකළ අතර වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවට තරගකළ යූ. එස්. පී. බණ්ඩාර මහතා ස්වාධීන කණ්ඩායමකින්ද, කතරගමින් ජනතා විමුක්ති පෙරමුණින් අනුර ගාල්ලවත්ත මහතාද ඉදිරිපත් විය. මොවුන් අතුරින් වැල්ලවාය මාධ්‍යවේදි යූ.එස්.පී. බණ්ඩාර මහතා තේරීපත්වීමට සමත්විය.

පෙර වසරවලට වඩා මෙවර ඡුන්ද ප‍්‍රකාශ කිරීමේ දැඩි උනන්දුවක් දිස්ත‍්‍රික්කය පුරා සංචාරයේ යෙදුනු අපහට දැක ගැනීමට හැකිවූ අතර උදෑසන 9-10 පමණ වන විට ඇතැම් මධ්‍යස්ථානවල 30-40% අතර ඡුන්ද ප‍්‍රමාණයක් වැටී තිබුණි.

දිස්ත‍්‍රික්කයේ සමස්ත ඡුන්ද ප‍්‍රකාශ කිරීම මෙවර 80.43% ඉහළ ප‍්‍ර‍්‍රතිශතයක් තිබූ බවත් ලියාපදිංචි ඡුන්ද 360368න් 289861ක් ඡුන්දය පාවිචිච් කර ඇති බවත් මොනරාගල දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරිනි ඞී.එස්. පද්මකුලසූරිය මහත්මිය පෙරේදා සවස පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රකාශ කළාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ සුළු සිද්ධින් කිහිපයක් හැරුණු විට සමස්ථ ඡුන්ද කාලසීමාව තුළ බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා නොවූ බවත් සාමකාමී ඡුන්දයක් පැවති බවයි.

මෙවර මැතිවරණය ඡුන්ද කොට්ඨාස 117ක ඡුන්දය මධ්‍යස්ථාන 352 දි පැවැත්වූ අතර ගණන් කිරීම මධ්‍යස්ථාන 123ක ක‍්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව බිබිල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ලියාපදිංචි ඡුන්ද 32927ක් වන අතර එයින් ඡුන්ද 25026ක් ප්‍්‍රකාශයට පත්වී ඇත. එය ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 76%කි. මැදගම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ලියාපදිංචි ඡුන්ද සංඛ්‍යාව 29682ක් වන අතර එයින් ඡුන්ද 23087ක් ප‍්‍රකාශයට පත්වී තිබේ. එය ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 77.78%කි. මඩුල්ල ප‍්‍රාදේශීය සභාව සඳහා වන ලියාපදිංචි ඡුන්ද ගණන 25079ක් වන අතර එයින් ඡුන්ද 20740ක් ප‍්‍රකාශයට පත්වී තිබේ. එය ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 82.70%කි. සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය සභාවට ලියාපදිංචි ඡුන්දදායකයින් 42176ක් වන අතර එයින් ඡුන්ද 32963ක් ප‍්‍රකාශයට පත්වී තිබේ. එය ප‍්‍රතිශකයක් ලෙස ගත්විට 78.16%කි. මොනරාගල ලියාපදිංචි ඡුන්ද ගණන 38134ක් වන අතර එයින් ඡුන්ද 31155ක් ප‍්‍රකාශයට පත්වි තිබේ.එය ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 81.70%කි. බඩල්කුඹූර සඳහා ඡුන්ද 33649ක් වන අතර එයින් ඡුන්ද 26877ක් ප‍්‍රකාශයට පත්වී තිබේ. එය ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 79.87%කි. බුත්තල ප‍්‍රාදේශීය සභාවට ලියාපදිංචි ඡුන්ද 41561ක් වන අතර එයින් ඡුන්ද 34179 ක් ප‍්‍රකාශයට පත්වි තිබේ. එය ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 82.24%කි. කතරගම ලියාපදිංචි ඡුන්ද දායකයින් 13769ක් වන අතර එයින් ඡුන්ද 11260ක් ප‍්‍රකාශයට පත්වි තිබේ. එය ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 81.78%කි.

මන්ත‍්‍රී ධුර 198ක් ස`දහා ප‍්‍රාදේශීය සභා දහයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 43කින් හා ස්වාධින කණ්ඩායම් 4කින් අපේක්ෂකයින් 1040ක් තරග වැදුණු අතර කාන්තා අපේක්ෂිකාවන් 259 දෙනකු ඉදිරිපත්වි තිබුණි.
දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන දේශපාලනඥයින් කිහිපදෙනකු ගෙන් අප මෙවර දිස්ත‍්‍රික්කයේ මැතිවරණ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමක් කරන ලද්දෙමු. ඔවුහු එ් අවස්ථාවෙ මෙසේ ප‍්‍රකාශ කළහ.. ඌව පළාත් සභාමන්ත‍්‍රී හා වැල්ලවාය ආසන සංවිධායක විමල් ගලගමආරච්චි මහතා.

”අපිට නායකයෙක් හිටියේ නැතුව අපිවිසින්ම සංවිධානය වෙලා ලබා ගත්ත ජයග‍්‍රහණය අතිවිෂ්ටයි. මේ ජය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායේ ජයක්.

ඡුනතා විමුක්ති පෙරමුණේ දිස්ත‍්‍රික් නායක හා ඌව පළාත් සභා මන්ත‍්‍රී ආර්.එම්.ජයවර්ධන මහතා.
මේ මැතිවරණය අපිට නම් විශාල ජයක්. මොකද අපි මන්ත‍්‍රී ධුර 14ක් හිමිකර ගැනීිමට සමත් වුණා.
වැල්ලවාය ආසන සංවිධායක සම්බන්ධිකරණ කමිටුවේ සභාපති දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද කුමාරසිරි මහතා. ”සමහර වැරදි තීන්දු තීරණ වගේම රටේ මැතිවරණය පැවැත්වෙන අවසන් සති කිහිපය තුළ ඇතිවූ වෙනස්කම් ගැටලූ මේ මැතිවරණයට තදින්ම බලපෑවා.

වරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා ”මේ වෙලාවේ මුකුත් කියන්න බෑ.” යැයි පැවසීය.

ජී. ඉන්දික – වැල්ලවාය