සිය නම් ඇතුළත් ලැයිස්තුවක් සමාජ ජාල කිහිපයක ප‍්‍රසිද්ධියට පත්වීමක් සමග මරණ තර්ජනවලට මුහුණ දීමට සිදුවී ඇතැයි ඉන්දියානු යුවළක් පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන්දියාව තුළ ආදර සබඳතා පවත්වාගෙන යන යුවළ 100කගේ පමණ ෆේස්බුක් ගිණුම් තොරතුරු ලැයිස්තුවක් සමාජ ජාලය තුළ කිසියම් පිරිසක් විසින් ප‍්‍රසිද්ධියට පත්කිරීමත් සමග මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.

එම ලැයිස්තුවේ නම් සඳහන් වූ තරුණ තරුණියන් මරණ තර්ජනවලට මුහුණදෙමින් සිටින බවත් එ් පිළිබඳ දිනෙන් දින පැමිණිලි ගොඩගැසෙන්නට වී ඇති බවත් ඉන්දීය පොලිසිය පවසයි. එහි තරුණියන්ගේ නම් ලැයිස්තුවක් ‘ජිහාඞ්වරුන්ට ආදරය කිරීම නිසා විපාක විඳින මොවුන් දඩයම් කිරීම හින්දු කොටින්ට භාරයි’ යනුවෙන් සඳහන් කර තිබුණි.

හින්දු තරුණියන් ජිහාඞ්වරුන්ට ආදරය කිරීම නිසා ඉස්ලාම් ආගමට හැරෙමින් පවතින බවත් ඇතැම් සමාජ ජාල ගිණුම් තොරතුරු සමග සටහන් කර තිබිණි. තවත් යුවළකට වෙන වෙනම කිසියම් පිරිස් විසින් පණිවුඩ යවමින්, පවතින ආදර සබඳතා නවත්වන ලෙසත් සමීපතමයන්ගෙන් ඈත්වී ජිහාඞ් සටන්කාමීන්ට ආදරය කරන ලෙසත් නැතිනම් මරා දමන බවටත් තර්ජනය කරන්නේ යැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.

කෙසේ වෙතත් මෙය සයිබර් අපරාධයක් බැවින් එ් පිළිබඳ පරීක්ෂණයක් සිදුකරමින් පවතින බව ඉන්දීය පොලිසිය සඳහන් කරයි.